පාසල් කාමරයට පිඟන් ගඩොල් 75ක් ගැනීම සඳහා සිසුවකුගේ මවකගෙන් රුපියල් 53250ක් ගත්තැයි මාතර උයන්වත්ත ආදර්ශ ප්‍රාථමික විදුහලේ විදුහල්පති සරත් විජේතිලක, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ඇප මත මුදා හරිනු ලැබීය.
රුපියල් දස දහසක මුදල් ඇපයක් ද, රුපියල් පන් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් ද ඔහුට නියම විය.
පිඟන් ගඩොල් 75ක් සැපයීමේ පොරොන්දුව මත දරුවා පාසලට ඇතුළු කර ගත් නමුත් පිඟන් ගඩොන් නොසැපයීම නිසා පිඟන් ගඩොල් මිලට ගත් රිසිට් පත නැතිව දරුවාට පාසල් නොඑන ලෙස විදුහල්පති දන්වා ඇතැයි ද දරුවාගේ මව ඒ බව අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇතැයි ද උසාවියේ දී කියැවිණි.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිඟන් ගඩොල් 75ක් ඉල්ලා විදුහල්පතිට වෙච්ච දෙයක්
දයා අලහාකොන් Saturday, 15 March 2014 10:11 AM
තමන් ලබා ගත් උගත්කමෙන් ඇති තේරුම මොකක්ද? (දී)
දිලාන් Saturday, 15 March 2014 10:24 AM
වැඩේ කර ගත්තට පස්සේ ගැණු ඔහොම තමා .... පව් විදුහල්පති (දී)
ප්‍රෙමසීල අම්බලන්ගොඩ Saturday, 15 March 2014 10:40 AM
විදුහල්පති තුමන්ලාටත් දැන් වෙනම පන්ති පැවැත්විය යුතුයි (දී)
සාරසී Saturday, 15 March 2014 03:10 PM
ළමයත් පාසලේ නම් පාසලට උදව් කලාට කමක් නෑ නේද. විදුහල් පතිට නෙවේ නේ . මාර ගැනියෙක් තමයි. දෙනවා කියල ළමයව දාගෙන.(අ)
ලංකාසිරි Saturday, 15 March 2014 04:50 PM
විදුහල්පතිට පිගන් ගඩොල් ඉල්ලිමට කිසිදු අතියක් නැත (අ)
ජයසිරි ඒ ලියනෙග් Saturday, 15 March 2014 04:58 PM
ඔය විදුහල්පති තුමා මුදල් වලින් පාසල හදපු ලස්සන බලන්න ඔය විදුහලට යන්න ඒතුමාට දෙවි පිහිටයි (අ)
සෙනෙවිරත්න Saturday, 15 March 2014 07:31 PM
ඒ කාන්තාව හරි හැබැයි ඒ ළමයාට පාසල තුලදී අසාධාරණයක් වෙයිද දන්නේ නැහැ (දී)
සෙනෙවිරත්න Saturday, 15 March 2014 07:31 PM
විදුහල්පති කොහොම කලත් කරලා තියෙන්නේ අල්ලස් ගැනීමක් (දී)
කුශාන්ත Saturday, 15 March 2014 09:39 PM
ඔබතුමා පාසල සංවර්ධනය කල හැටි අපි දන්නවා (දී)
ඒ.එන්. ගමගේ Saturday, 15 March 2014 09:39 PM
විදුහල්පති තුමනි, ඔබෙන් පාසලට සිදු වූ සේවාව සදා අමරණීයයි. අප ඔබට සදා ණයගැතියි. (දී)
වසන්ති Saturday, 15 March 2014 09:44 PM
පිගන් ගඩොල් ඉල්ලුවේ ගෙදරට නොවෙයි පාසලටයි පාසල සංවර්ධනය කරන්න (දී)
සලීම් Friday, 14 March 2014 09:27 PM
විදුහල්පතිකම්ත් මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වාගේ රක්ෂාවක්(දී)
ගුණරත්න ඩුබායි Saturday, 15 March 2014 02:22 AM
දරුවාව දාගන්ට මොනවා හරි දීල පස්සේ අල්ලස් කොමිසමට කියනවා.මම කියන්නේ මේ දෙනවා කියපු කාන්තාවත් අල්ලලා උසාවි දාන්ට ඕනේ.මොකටද දුන්නේ.එකත් අල්ලස් එකයි (අ)
රොකි Saturday, 15 March 2014 06:52 AM
ඔහුට නායකත්ව පුහුණුව දීලා නැද්ද? සියලුම විදුහල් වලට විදුහල්පතිවරු හැටියට හමුදා ලොක්කන් දමනවා නම් මේ වගේ පැමිණිලි නොඑන්න පුළුවනි. (දී)