IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පගාවෙන් තොර දේශයක් කරා

දුෂණය වළකමු - සුපිළිපන් රටක් වෙනුවෙන්  පෙළ ගැසෙමු‘ යන තේමාව යටතේ  ට්‍රාන්ස්පෙරන්සි  ඉන්ටර් නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සංවිධානය කළ  පා ගමනක් හා උද්ඝෝෂණයක්  කොළඹ ලිප්ටන් වටරවුමේදී  අද දහවල් පැවැත්විණි.

අල්ලස හා දුෂණය පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය සමරමින්  මෙය පැවැත් වු අතර මේ සඳහා තරුණ තරුණියෝ විශාල පිරිසක් සහභාගී වුහ.

දැනුම්වත් කිරීමේ  පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් පා ගමනින් ලිප්ටන් වටරවුමේ සිට විහාර මහා දේවි  උද්‍යානය දක්වා ගමන් කළහ.

 

 



අදහස් (0)

පගාවෙන් තොර දේශයක් කරා

විමුක්ති. Monday, 09 December 2013 05:05 PM

පගාව,අල්ලස,දුෂණය,රාජ්‍යය දේපොළ මංකොල්ලකෑම වර්තමාන දේශප්‍රේමීන්ගේ ප්‍රධාන ලක්ෂණයකි. කතාවෙන් නම් මොවුන් තරම් රටට ආදරය වෙනත් කවුරුන්වත් නැත. (නි)

:       0       0

විමුක්ති. Monday, 09 December 2013 05:05 PM

පගාව,අල්ලස,දුෂණය,රාජ්ය දේපොළ මංකොල්ල කෑම, වර්තමාන දේශප්‍රේමීන්ගේ ප්‍රධාන ලක්ෂණයකි. කතාවෙන් නම් මොවුන් තරම් රටට ආදරය කරන වෙනත් කවුරුන්වත් නැත. (නදී)

:       0       0

එඩී දයාරත්න - ඕස්ට්‍රේලියාව Tuesday, 10 December 2013 03:17 PM

මෙහෙම කණ්ඩායමක් ලංකාවෙන් හොයා ගත්ත එක වාසනාවක්.(නදී)

:       0       0

කුමාර් Monday, 09 December 2013 06:04 PM

පහාවට යට නොවන දේශපාලඥයෙක් අද හොයාගන්න අපහසුයි (නි)

:       0       0

කුමාර්. Monday, 09 December 2013 06:14 PM

දේවෝ වස්සතු කාලේන... සස්සසම්පත්ති හෝතුච... පිතෝ භවතු ලෝකෝච... රාජා භවතු ධම්මිකෝ... (නි)

:       0       0

ඔකිත Monday, 09 December 2013 03:15 PM

ගන්නවා නම් දේශපාලකයන්ට හොද සටන් පාඨයක්.(නදී)

:       0       0

ඔසන් සලාම් - කටාර් Monday, 09 December 2013 03:22 PM

අනේ මේ තුන්වෙනි ඡායාරූප‍යෙන් දැක්වෙන ස්ථානයෙන් ඔයගොල්ලෝ පරෙස්සමෙන් යන්න. සමහරවිට එම ස්ථානයට කඩාවැදුනා යැයි චෝදනාකොට හෙට උදේ වෙන කොට ස්ථාන මාරුවක් ලැබෙන්න බොහෝවිට ඉඩ තිබෙනවා.(නදී)

:       0       0

චානක Monday, 09 December 2013 03:41 PM

මොලේ ගඟේ දළු දැම්මත්, කළු කපුටෝ සුදු උනත් ඕක නම් මේ රටේ වෙන දෙයක් නෙවෙයි ! (ස)

:       0       0

සුනිල් විමලසූරිය Monday, 09 December 2013 03:48 PM

ලංකාවෙ නම් හරි අමාරු දෙයක් තමා... (ස)

:       0       0

දයා අලහකෝන් Monday, 09 December 2013 04:10 PM

මෙවැනි විපතක් මීට ඉහත කෙදිනකදී වත් මගේ රටට වෙලා නැහැ.දෙවියන් සාක්කි දරන්න ඕන මේවට. (ස)

:       0       0

දනජ්ලි Monday, 09 December 2013 04:32 PM

හරිම පිළිවෙලට ලස්සනට දැකපු එකම උද්ඝෝෂණ පා ගමන සංවිධානය කරලා තියෙනවා ලස්සනට .. (ස)

:       0       0

කලන Monday, 09 December 2013 04:35 PM

හොඳ උද්ඝෝෂණයක්, හොඳට සංවිධානය කරලා පාටයි. (ස)

:       0       0

ප්‍රමුඛ. Monday, 09 December 2013 04:38 PM

ඩී.එස්.සේනානායක,බණ්ඩාරනායක,වැනි දේශපාලන නායකයන් රටට යමක් දායාද කළා මිස ජාතිය දේපොළ වලින් සතයක්වත් සොරා ගත්තේ නැත. බණ්ඩාරනායක මහතා තම පවුලට ඉඩ කඩම් දේපොළ රට වෙනුවෙන් කැප කළා මිස රටේ දේපොළ තම පවුලට එකතු කර ගත්තේ නැත. අද දකින්න ලැබෙන්නේ මීට ප්‍රති විරුද්ධ ස්වරූපයකි. මෙය රටේ අභාග්‍යකි.(නදී)

:       0       0

නිර්මලා Monday, 09 December 2013 04:47 PM

අතීතයේ බිහි වුනේ රටේ යහපත වෙනුවෙන් තම බුද්ධිය,ශ්‍රමය,පමණක් නොව පුද්ගලික ධනයද රටට දායාද කළ ශ්‍රේෂ්ඨ ජන නායකයෝ. නමුත් අද රටේ අභාග්‍යයට ජනතාවගේ අවාසනාවට බිහිවී සිටින්නේ රාජ්‍ය දේපොළ මංකොල්ල කන රටේ ජනයා දිනෙන් දින ණයකරුවන් බවට පත් කරන පිරිසක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site