IMG-LOGO

පාගමනෙ සැබෑ ප්‍රතිඵලය

2016-08-11-ent-01ඒකාබද්ධ කස්ටියගෙ පාද යාත්‍රාව පසුගියදා හමාර වුණේ හැමදේම ඉවර වෙන ලිප්ටන් වටරවුමෙන්... මේ පාද යාත්‍රාවෙන් ලැබුණ දේශපාලන ප්‍රතිඵල ගැන පක්ෂ දෙකම ඉදිරිපත් කරන්නෙ තම තමන්ගෙ හිතේ තියන තම තමන් අහන්න කැමැති මතේ පමණයිලු...

කොහොම හරි පාද යාත්‍රාව ගැන පොදු විපක්ෂයෙ උදවිය පසුගියදාක පොඩි තක්සේරැවක් කරමින් හිටිය...

මෙතෙන්දි එක එක්කෙනා පාගමනට ආපු සෙනඟ ගැන, ඇවිල්ල වැඩේ අල කරන්න ගිය සමහර තරැණ මන්ත්‍රීල ගැන, හොඳ හොඳ දේවල් කතා වුණා කියල දැනගන්න තියනව... ඒ අය අතරෙ හිටිය නුවර ඉඳලම කොළඹට පයින්ම ආපු පාගමනට බොක්කෙන්ම කැපවුණ උදය උන්නැහේ කිව්වෙ අපූරැ කතාවක්ලු. 

පාගමනෙ දේසපාලන ප්‍රතිඵල වගේම මට පෞද්ගලික ප්‍රතිඵලයකුත් තියනව... උන්නැහේ කිව්ව. පෞද්ගලික ප්‍රතිඵලයක් කිව්වම එතන හිටපු මන්ත්‍රී සගයො බලන් හිටියා මොකද්ද මේ අමුතු කතාව කියල. ඊළඟට උදය උන්නැහේ මෙහෙම කිව්ව. "මට ලැබිච්ච ප්‍රතිඵලය තමයි නුවරදි පාගමන පටන් ගන්නකොට තිබුණ බර කොළඹට එනකොට කිලෝ එකහමාරක් විතර අඩුවීම* එයාගෙ මේ කතාව අහපු "කොලස්ට්‍රෝල්" ආබාදෙන් පෙළෙන මන්ත්‍රී සගයො ගණනාවක්ම "ඒක මරැ වැඩේ" කියල ඊළඟට තරාදියත් සොයාගෙන දිව්වෙ තමන්ගෙත් බර අඩුවෙලාද කියල බලන්නලු...

 

DESHAYA



අදහස් (0)

පාගමනෙ සැබෑ ප්‍රතිඵලය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 334 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 506 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 204 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site