IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘පකිස්තාන මාධ්‍ය වාර්තා බොරු‘

ශ්‍රී ලංකා පකිස්තාන් ගිවිසුම් අනුව ජේ එෆ් 17 වර්ගයේ ප්‍රහාරක ගුවන්යානා මිලදී ගැනීමට තීන්දුවක් ගෙන නැතැයි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසී යැයි ද හින්දු පුවත්පත වාර්තා කරයි.

මෙවැනි ප්‍රහාරක ගුවන් යානා වල අවශ්‍යතාවයක් තිබේ නම් ආණ්ඩුවේ ප්‍රතිපත්තියට අනුව විනිවිදභාවයකින් යුතුව එම ගනුදෙනු සිදු කරන බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකාවක ද එම පුවත්පතට කියා ඇත.

එහෙත් හින්දු පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ඉන්දියා ආණ්ඩුවෙන් දැඩි බලපෑම් ශ්‍රී ලංකාවට එල්ල වී ඇති බවයි.

පකිස්තාන මාධ්‍ය වාර්තා කළේ මෙම ගනුදෙනුව ස්ථිර බවයි.

1828528



අදහස් (0)

‘පකිස්තාන මාධ්‍ය වාර්තා බොරු‘

අමා Saturday, 09 January 2016 06:07 AM

අපේ සමහරු නිතරම ඉන්දියා යන්නේ මොකද කියලා දැන් තමා තේරුනේ (නි)

:       0       0

ජනතාව Friday, 08 January 2016 03:07 PM

බොරු කියලා අපිව රවට්ටන්න ඒපා අායුෙබාවන්ඩ. අපි පවු.(අ)

:       0       0

ජනහිත Saturday, 09 January 2016 10:37 AM

අපේ රටට යානා මිලදී ගන්න ඉන්දියාවෙන් අහන්න ඕනෑද? (නි)

:       0       0

ජනහිත Saturday, 09 January 2016 06:44 AM

අපේ ආරක්ෂාවට ඕනෑ කෙනෙක්ගෙන් උදවු ගන්න ඕනෑ කියලා ඒ කාලේ සිටිය එක්කෙනෙක් කිව්වා වගේ මතකයි. සල්ලි තියනවා නම් ඕනෑ කඩේකින් බඩු ගත්තට මොකද? අපේ දේවල් ගන්න අයගෙන් අපි ගත්තට කමක් නැහැනේ. (නි)

:       0       0

විජිත් Sunday, 10 January 2016 01:23 AM

ඉන්දියාව අපිට ලණු ගොඩක් ගිල්වා තිබෙනවා. ඒ නිසා ඉන්දියාව සමඟ කටයුතු කරද්දී හොඳින් සොයා බලා, හොඳින් හිතා මතා අපි කටයුතු කළයුතුයි. (නි)

:       0       0

මහින්ද සෞදි Friday, 08 January 2016 03:48 PM

ඒක අපිට අදාල නැහැ.ඉන්දියාවටයි කියල තියෙන්න. (අ)

:       0       0

සුමනපාල Friday, 08 January 2016 04:14 PM

යුද්ධය ජයටම යන විට අපිට මල්ට් බැරල් ඉස්සල්ලාම දුන්නේ පකිස්ථානය. ඉන්දියාව කීවා ඕනේනම් නැව් දෙන්නම් අපේ සෙබළු යාපනයෙන් ඉවත් කරගන්න කියලා.(හේ)

:       0       0

කුමාර් Friday, 08 January 2016 05:16 PM

ඇයි ඉන්දියාවට ඔච්චර බය? අපිට ඕනෑ දේ ඕනෑ තැනකින් රටක් හැටියට ගැනීමේ හැකියාව තියෙන්න ඕනෑ. මේක ඉන්දියාවේ කොලනියක් වෙන්න යනවා කියන්නේ ඕකයි අපි. (නි)

:       0       0

අමල් Saturday, 09 January 2016 08:23 AM

පකිස්තානයෙන් නෙමෙයි ඇමරිකාවෙන් වුණත් අවශ්‍ය නම් ගන්නවා. ඉන්දියාවට තිබෙන අමාරුව මොකක්ද? (නි)

:       0       0

සිරි Friday, 08 January 2016 06:19 PM

කවුරු ඇත්ත කියනවද මන්දා? (නි)

:       0       0

දිසානායක Saturday, 09 January 2016 08:37 AM

ඇයි ඉන්දියාවට ඕනෑ විදියට කඩේ යන්නේ? මෙහෙම වුණාම අපි කොන්දක් නැති රාජ්‍යක් වෙන එක වළක්වන්න බැහැ. අපේ තීරණ වලට ඉන්දියාව කොහොමද ඇඟිලි ගහන්නේ? කාටවත් හරියට නොතේරන කාරණය ඒකයි. (නි)

:       0       0

කුමාර් Friday, 08 January 2016 06:39 PM

සුමනපාල මහතා හරි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 08 January 2016 07:34 PM

කොහොමත් පාකිස්තානය තමයි ටිකක්හරි උදවු කළෙත්, කරන්නෙත් (නි)

:       0       0

රූපවතී Sunday, 10 January 2016 04:04 PM

මේ රටේ කෙනෙක් නැද්ද කෑගහලා කියන්න ඉන්දියාවට, අපේ රටේ වැඩ සිද්ධවෙන්නේ අපිට ඕනෑ විදියට මිසක් ඉන්දියාවට ඕනෑ ආකාරයට නෙමේ කියලා. අනික අපි ඉන්දියාවට කිසිම දෙයකට බලපෑම් කළ අවස්ථා තිබෙනවද? කොහෙත්ම නැහැ (නි)

:       0       0

ශාන සෞදි Saturday, 09 January 2016 04:57 AM

මොකටද ඉන්දියාවට අපි උත්තර දෙන්නේ? අපිට ඕනෑ නම් අපි ගන්නවා. මොකද ඉන්දියාවෙන් සල්ලි ගෙවන්නේ නැහැනේ. ඉන්දියාව ආයුධ ගන්නේ අපෙන් අහලද? අනෙක කොටි අපේ කඳවුරු වටකරගන ගහන වෙලාවෙත් ඉන්දියාව ගත්තේ කොටින්ගේ පැත්ත. ඉන්දියාව කිවුවා ඕනෑනම් නැව් දෙන්නම් අපේ සෙබළු යාපනයෙන් ඉවත් කරගන්න කියලා. අපිට ඒවා අමතක නැහැ. ඉන්දියාවට ඕනෑ විදිහට අපි නටන්න යන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

ඉමාම් Saturday, 09 January 2016 05:08 AM

පකිස්තානය අපිට යුද්ධයේදි මල්ටි බැරල් යුධ ගුවන් පුහුණුව දෙනකොට ඉන්දියාව අපිට බාධා කළා. පකිස්තානය අපිට කොහොමත් මිතුරු රටක්. අපි මොකටද අමාරුවේ සිටියදී උදව්කළ අය වෙනුවට කෙනෙහිලිකම් කළ අයගේ අදහස් අහන්නේ? (නි)

:       0       0

ඩී.උපුල් Saturday, 09 January 2016 05:29 AM

ඔන්න අපි නම් ආරාධනා කළේ නැහැ පකිස්ථාන අගමැතිට. එතුමාම තමයි ගිය සතියේ බලෙන් වගේ අපේ රටට ඇතුළුවුණේ. (නි)

:       0       0

ඩයස් Saturday, 09 January 2016 04:25 PM

ඉන්දියාව අතේ දුරින් තියාගන්න තරමට අපිට හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site