IMG-LOGO

පාකිස්තාන පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ පෙෂාවොර් නුවර, පොලිස් මූලස්ථානය තුළ පිහිටි මුස්ලිම් පල්ලියට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

තුවාල ලබා රෝහල්ගත කළ ගණන 120 ක් යැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.

බෝම්බය පිපිරී යෑමෙන් මුස්ලිම් පල්ලියට පමණක් නොව, පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලට ද දරුණු ලෙස හානි සිදුවුණු බව ද පැවැසෙයි.

ගොඩනැගිල්ලේ  සුන්බුන් අතර සිරවුණු තුවාලකරුවන් බේරා ගැනීම ලහිලහියේ සිදුවිය.

එය සුන්නි මුස්ලිම් අන්තවාදීන්ගෙන් සැදුම්ලත් අයි.එස්. ත්‍රස්තයන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියාවක් යැයි අනුමාන කෙරේ.
පාකිස්තානයේ සුන්නි සහ ෂියා මුස්ලිම් ආගමික ගැටුම් බහුලය.  පසුගිය වසරේ මාර්තු මාසයේ ෂියා මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.

එම බෝම්බ ප්‍රහාරයෙන් 64 දෙනකු ජීවිතක්ෂයට පත්විය. එම ප්‍රහාරය එල්ල කළේ අයි.එස්. ත්‍රස්තවාදීන්ය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

පාකිස්තාන පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 626 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site