දින කිහිපයක් සඳහා වෙළෙඳපොළ විවෘත කිරීමට අවසර ලබාදීමට පාකිස්තාන ආණ්ඩුව තීරණය කර ඇත.
ඒ අනුව අද (11) සිට දින කිහිපයක් සඳහා වෙළෙඳපොළ ආරම්භ කිරීමට අවසර දෙන බවත් ඉදිරියේදී වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ ‘ලොක්ඩවුන්’ සීමා ලිහිල් කරන බවත් පාකිස්තාන ආණ්ඩුව නිවේදනය කළේය.
පාකිස්තානයෙන් අද (11) පස්වරු 6.18 වනවිට වාර්තා වූ ‘කොවිඩ්-19’ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 30,941ක් වූ අතර එරටින් වාර්තා වූ මරණ ගණන 667ක් විය.
කොරෝනා ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ ප්‍රදේශවලට දැඩි සීමා පනවන බවත් ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවත් පාකිස්තානයේ සැලැසුම් අමාත්‍ය අසාද් උමාර් අවධාරණය කළේය.
අනෙක් පළාත්වල සීමා ක්‍රමයෙන් ලිහිල් කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම කීය.
මේ අනුව අවදානම අඩු පළාත්වල වෙළෙඳපොළ සතියකට දින තුනත් හතරත් අතර කාලයක් සඳහා විවෘත කිරීමට අවසර ලබාදෙන බව ඔහු තවදුරටත් සඳහන් කළේය.
අල්ජසීරා
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පකිස්තානයේ වෙළදපොලවල් දින කිහිපයක් විවෘත කරන්න අවසර