IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පාකිස්තානයේ පෙළපොත් මුද්‍රණයට කොළ නෑ

රටේ පවතින කඩදාසි අර්බුදය හමුවේ, නව අධ්‍යයන වර්ෂය සඳහා පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට නොහැකි බව පාකිස්තානයේ කඩදාසි සංගම් අනතුරු අඟවයි.

සමස්ත පාකිස්තාන කඩදාසි වෙළෙඳ සංගමය, පාකිස්තාන මුද්‍රණ ග්‍රැෆික්කරුවන්ගේ සංගමය සහ එරට කඩදාසි කර්මාන්තයට සම්බන්ධ සෙසු සංගම් ද මාධ්‍ය හමුවක් කැඳවමින් වැඩි දුරටත් කියා සිටියේ පවතින කඩදාසි අර්බුදය හේතුවෙන් 2022 අගෝස්තු මාසයේ ආරම්භ වන නව අධ්‍යයන වර්ෂය සඳහා පෙළපොත් කිසිවක් මුද්‍රණය කිරීමට නොහැකි වනු ඇති බවය.

මේ වනවිටත්, පාකිස්තානයේ සින්ද්, පන්ජාබ්, කයිබර් ආදී ප්‍රාන්තවල පාසල් පෙළපොත් මුද්‍රණය නවත්වා දමා ඇති බව ද වාර්තා වේ.

කඩදාසි සම්බන්ධයෙන් හටගත් අර්බුදය මේ වනවිට ලෝකයේ රටවල් බොහොමයකට බලපෑම් කර තිබේ. ඒ, ගෝලීය උද්ධමනය හේතුවෙනි.

කෙසේ නමුත් පාකිස්තානය කඩදාසි අර්බුදයකට මුහුණ පා සිටින්නේ, බලයෙන් නෙරපා දැමුණු පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජය සහ වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ නව රජයේ වැරදි ප්‍රතිපත්ති මෙන්ම දේශීය කඩදාසි කර්මාන්තයේ පවතින ඒකාධිකාරය නිසා යැයි චෝදනා එල්ල වී තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (7)

පාකිස්තානයේ පෙළපොත් මුද්‍රණයට කොළ නෑ

Siril Friday, 24 June 2022 09:37 AM

එහෙම නම් කමක් නෑ හප්පා... යන්තං ඇති.

:       2       3

chandana Friday, 24 June 2022 09:42 AM

ඇති යනතම් පොහොට්ටුවට කඩේ යන අයට හොඳ නිවුස් එකක්

:       20       9

Mo77 Friday, 24 June 2022 11:11 AM

මම දැක්කා නිවුස් එකක පකිස්තාන තානාපතිතුමා අපේ ජනාධිපතිව හමුවෙලා කියලා තිබ්බා ඒගොල්ලො අපිට ආධාර දෙන්න කැමති මේ ආර්ථික අරමුණු දැන් ගොඩ එන්න කියලා. මේ නිව්ස් එක දාල තියෙන්නෙ ලෝකයේ වෙන තැනක තියෙන පකිස්තානයේ ඉතින් ද මන්දා

:       12       2

ganegoda Friday, 24 June 2022 11:20 AM

අපිටත් දැන් ආපහු පුස්කොල බාවිතා කරන්නෙ වෙයි

:       8       0

Chana Friday, 24 June 2022 11:21 AM

එහෙනම් අපේ ආන්ඩුවට විතරක් බනින්න එපා. පකිස්ටානයෙත් ඔය ප්‍රශ්න තියෙනවා.

:       2       15

මැක්ස් Friday, 24 June 2022 11:52 AM

මේ පුවත පදනම් කරගෙන රාජපක්ෂලා පකිස්තානේටත් වැඩක් දීල වගේ ප්‍රවාදයක් නිර්මාණය කරන්න අනුර කුමාර සහෝදරයාට සහ සජිත් පුතනුවන්ට ආරාධනා කරමු ද? ඒ සම්බන්ධ බෝඩ් අල්ල ගෙන සිටීම කේඩෑරී වී ගොස් ඇති ගෝල ෆේස් අරගලයට පවරමු ද? ඊට පස්සේ ඩේලි මිරර් පත්‍රයට පුළුවන් ඒක රස කර කර වාර්තා කරන්න. (පක්ෂක්ග්රාහී පුවත්පතක් නොවන ලංකාදීපයට එය අදාළ නොවේ).

:       13       24

saman Friday, 24 June 2022 12:05 PM

හී ජෙප්පො මේකටත් මොනවා කියයිද දන්නෙ නෑ.

:       1       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 526 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2253 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1684 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site