සංචාරක පාකිස්තානු පිල සහ ඉන්දීය පිල අතර තරග තු-නකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ චෙන්නායිහිදී අද (30) පැවැති පළමු එක්දින තරගයෙන් පාකිස්තානු ක‍්‍රීඩකයෝ කඩුලූ 6 ක් ජයක් ලැබූහ.
නසීර් ජම්ෂීඞ් පන්දු 132 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 101 ක් රැස්කරමින් පාකිස්තානය ජයග‍්‍රහණය දක්වා රැගෙන ඒමට සමත් විය.
ඉන්දීය පිලේ පළමු කඩුලූ 5 ලකුණු 29 කට බිඳ වැටීමෙන් පසු විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දු 125 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 113 ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙස ද සම්මාන ලැබීය.
ඉන්දියාව ඕවර 50 යේදී කඩුලූ 6 ට 227 (සුරේෂ් රයිනා 43, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 113, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් නොදැවී 31, ජුනයිට් ඛාන් 43/4)
පාකිස්තානය ඕවර 48.1 කදී කඩුලූ 4 ට 228 (නසීර් ජම්ෂීඞ් නොදැවී 101, යුනිස් ඛාන් 58, මිස්බා උල් හක් 16, ෂොයිබ් මලික් නොදැවී 34, බී. කුමාර් 27/2)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පාකිස්තානය කඩුලූ 6 කින් ඉන්දියාව පරාජය කරයි
රොෂාන් Monday, 31 December 2012 04:13 PM
ජය වේවා පාකිස්ථාන්! (නි)
ධනුෂ්ක Monday, 31 December 2012 10:35 AM
අයියෝ ඉන්දියාව! (නි)
නීල් Tuesday, 01 January 2013 11:11 AM
ජය පරාජය ඕනෑම දෙයක් සම සිතින් භාරගත යුතුයි. (නි)
අනුර වනසුන්දර Tuesday, 01 January 2013 09:27 PM
ඉංදියාව නම් පරදින්නම ඕනේ..(නු)