IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


පාකිස්තානයට යන්න එපා: රටවල් රැසක් කියයි

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ ඊට එරෙහිව ඉස්ලාමාබාද් අගනුවර ඇතුළු ප්‍රධාන නගර රැසක දැවැන්ත විරෝධතා රැළි පැවැත්වෙයි. විරෝධතා සංවිධානය කර ඇත්තේ ඉම්රාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයයි.

ක්වෙටා නුවර ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ විරෝධතා රැලියකට පොලිසිය හරස් වුණු අවස්ථාවේදී දරුණු ගැටුම් හටගත්තේය. එහිදී එක් අයකු ජීවිතක්ෂයට පත් වුණු බවත් 6 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් පැවැසෙයි.
හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, අත්අඩංගුවට ගැනීම සිදුවූයේ හමුදාවේ මැදිහත් වීමෙනි.

එම අවස්ථාවේදී ඉම්රාන් ඛාන් ඔහුට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඉම්රාන් අත්අඩංගුවට ගැනීමට හමුදාව කටයුතු කරනු ඇතැයි තමන් කල්තියා දැන නොසිටි බව එම අවස්ථාවේදී ඉස්ලාමාබාද් අධිකරණය පැවැසුවේය.

ඉම්රාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයෙන් හමුදාවට දැඩි විරෝධයක් එල්ල විය. ‘තරීක් ඊ ඉන්සාෆ්’ ආධාරකරුවන් ලාහෝර් හමුදාපති නිල නිවස වටලා ඊට කඩා වැදුණු බව ද වාර්තා විය. රාවුලපිණ්ඩි නුවර හමුදා කඳවුරට ද කලහකාරී පිරිස් කඩා වැදුණාහ.

මේ අතර, පාකිස්තානයට යෑමෙන් වළකින ලෙසත්, හැකි ඉක්මනින් පාකිස්තානයෙන් පිටවන ලෙසත් ඇමෙරිකාව, මහා බි්‍රතාන්‍යය සහ කැනඩාව, පාකිස්තානයේ වෙසෙන තම වැසියන්ට අනතුරු ඇඟවීමක් කර තිබේ.

‘හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු පාකිස්තානයේ විරෝධතා හටගන්නවා. දේශපාලන වශයෙන් ඇමෙරිකාව කිසිදු දේකට මැදිහත් වෙන්නේ නැහැ. කෙසේ නමුත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට සහ නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් කටයුතු කරන මෙන් අපට පාකිස්තාන වැසියන්ගෙන් ඉල්ලීමක් කරනවා’ යැයි ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා කැරීන් ජෝන් පියේ මාධ්‍ය හමුවකදී පැහැදිලි කර තිබේ.

ඉම්රාන් ඛාන්ට චෝදනා රැසක් එල්ල වී ඇත. ‘ටොක්ෂානා’ සිද්ධිය එයින් එකකි. ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී, විවිධ රටවල රාජ්‍ය නායකයන්ගෙන් තෑගි වශයෙන් ලැබුණු අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙද්දී රජයට බාර නොදුන්නේ යැයි චෝදනා එල්ල වී ඇත. එම ත්‍යාග හිමිවූයේ ඉම්රාන් ඛාන්ට නොව, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට යැයි පාකිස්තාන රජය පැහැදිලි කර ඇත.

පාකිස්තාන නීතියට අනුව, විදේශ රාජ්‍ය නායකයන්ගෙන් ලැබෙන ත්‍යාග පාකිස්තානයේ ‘ටොක්ෂානා’ භාණ්ඩාගාරයේ තැන්පත් කළ යුතුය. එසේ නොකරන්නේ නම්, එම භාණ්ඩවල වටිනාකම භාණ්ඩාගාරයට ගෙවිය යුතුය.
මේ අතර අත්අඩංගුවට ගත් ඉම්රාන් ඛාන් එල්ල වන එම චෝදනා සම්බන්ධයෙන් විශේෂ නඩු විභාගයක් ඉස්ලාමාබාද් පොලිස් මූලස්ථානයේ දී පැවැත්විණි. ඒ, විශේෂ ආරක්ෂාවක් යටතේය.

(එන්.ඩී.ටීවී.)

 



අදහස් (2)

පාකිස්තානයට යන්න එපා: රටවල් රැසක් කියයි

විසිල් Wednesday, 10 May 2023 05:14 PM

දේශපාලනේ ගෑවිච්ච ගෑවිච්ච තැන් කුජීතයි. සිරි ලංකාවේත් එසේමයි. කුජීත දෙයක් කොතැනද එතැන දේශපාලනය ඇත...

:       2       31

සුජිත් පල්ලේවත්ත Wednesday, 10 May 2023 06:28 PM

ලංකාවට අරගලයක් ගෙනත් කරන් හදපු දේ පාකිස්තානයටත් කරන්න හදන පාටයි. බටහිර රටවල්වලට අවනත නොවන නායකයන් එම රටේම මෝඩ, මුදලට වහල් වන මිනිසුන් ලවා බලයෙන් නෙරපා හැර රට දරුණු ආගාධයකට ඇද දමා තමන්ගේ යටතේ තිබෙන IMF වගේ ආයතනවලින් පාලනය කිරීමට දරන කූඨ සැලස්මක ආරම්භයක් බවයි පෙනී යන්නේ...

:       26       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 244 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2095 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site