IMG-LOGO

පක්ෂ පහක් ජනපති හමුවේ

(අංජුල මහික වීරරත්න)

සෑම පක්ෂයකටම සාධාරණ නියෝජනයක් සහිත පාලන ව්‍යුහයක් සැකසීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ පක්ෂ කිහිපයක් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවල දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු කණ්ඩායම, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් තමිල් මක්කල් තේසීය කුට්ටනි පක්ෂය, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ මන්ත්‍රීවරු මෙම සාකච්ඡා සඳහා එක්ව සිටියහ.

 

 



අදහස් (8)

පක්ෂ පහක් ජනපති හමුවේ

දාස Thursday, 11 August 2022 03:40 AM

මේක දැක්කම කියන්න තියෙන්න අද රටේ ඇතිවෙලා තියෙන මෙම භයානක තත්වයට ප්‍රධානම හේතුව මේ සට්ටැඹියන්ගෙ ක්‍රියාකලාපය , ඉතින් මේ කම්බ හොරු ටිකත් එක්ක මේ රට වැටිල තියෙන අගාධයෙන් ගොඩගන්න කථාකරන එක අමුම අමු විහිලුවක් නේද.

:       0       0

Surain Thursday, 11 August 2022 09:45 AM

සියල්ලෝ එකතුවෙලා බෙදාගන්න සහ බෙදාදෙන තනතුරු ගැනත් කතාකරන්න ඇති... සමාජවාදය, ධනවාදය, පැසිස්ට් වාදය, කොමියුනිස්ට්වාදය, බෙදුම්වාදය එකතු කරලා මෙදාපාර ලංකාව ලෝක සිතියමෙනුත් අයින් කරයි වගේ පේන්නේ.

:       0       0

Bamunuarachchi Thursday, 11 August 2022 11:34 AM

ඉල්ලීම් නොමැතිව දෙවන සහයෝගය බාර ගන්න. බොරදියේ මාළු බාන්න සුදානම් වෙනවානම් පන්නා දමන්න.

:       0       0

ganegodaThursday, 11 August 2022 07:11 PM

කන්න හිතුනාම කබරගොයත් තලගොයි වගේ පේනවලු නේද?

:       0       0

BamunuarachchiFriday, 12 August 2022 06:19 PM

බලන්නකෝ ටීවි නාලිකාවල යන ඩොක්යුමෙන්ට්‍රීස්,සොල්දාදුවන්ට කඳන් පනුවෝ,කුරුමීන් පවා කන්න පුරුදු කරනවා.රජගෙදර සැපට හැදුන බළලාත් කර කොළ කෑවලු. මෙයා කබරගොයි ගැන බණ කියනවා.මොන ඉස්කෝලේද ඉගෙන ගත්තේ?

:       0       0

fairoos Thursday, 11 August 2022 12:17 PM

ඉවරයි. දැන් ඉතින් අපේ බයියන්ගේ ප්‍රතිචාරය මොකක්ද කියලා බලමු.

:       1       0

ganegoda Thursday, 11 August 2022 12:47 PM

ඔය මොනවා කෙරුවත් වැඩක් නැහැ.. හේතුව යා යුත්තා රනිල් වික්‍රමසිංහ...!

:       0       0

ganegoda Thursday, 11 August 2022 02:17 PM

ඔය හැම දෙයකටම “ ජනවරමක් “ අනිවාර්යයි ! නැත්තම් නැවතත් ගහලා එලවලා කඩල බිඳලා ගිනි තියලා දාන්න සිද්ද වෙයි !!!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 473 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 909 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site