IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පක්ෂ නායක -ජනපති හමුවක් හෙට

(අංජුල මහික වීරරත්න)

ඡන්ද ව්‍යාපාර සඳහා මුදල් දෙන පාර්ශව හෙළි කෙරෙන මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට විපක්ෂයේ පක්ෂ විරුද්ධ වීම නිසා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් හෙට (18) පැවැත්වේ.

මැතිවරණ වියදම් නියාමන පනත ගෙන ඒම මගින් අපේක්ෂා කරනු ලැබුයේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් වියදම් කරන පාර්ශව පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කිරීමයි.

එම ක්‍රමවේදය ගෙන එනවාට විරුද්ධ බව විපක්ෂයේ පක්ෂ නායකයෝ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා හමුවී අද (17)කරුණු දක්වනු ලැබූහ.

අධිකරණ අමාත්‍යවරයා  සමග පැවති සාකච්ඡාව පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු පක්ෂ නායකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුව පැවැත්වීමට තීරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය ඇතුළු බහුජන සංවිධාන ගණනාවක් අදාල  පනත ගෙන එන ලෙසට රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගැනුණි.

මෙරට ඡන්ද ව්‍යාපාරවලට මුදල් දෙන පාර්ශව හෙලි කරනවාට විරුද්ධ පක්ෂ නායකයන් එරෙහි වන්නේ කුමක් නිසාදැයි තේරුම් ගත නොහැකි බව මේ සම්බන්ධයෙන් කරුණු විමසීමේදී රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසීය.



අදහස් (7)

පක්ෂ නායක -ජනපති හමුවක් හෙට

Sanath Kandy Tuesday, 17 January 2023 09:03 PM

මේ ප්‍රවෘත්තිය තනිකරම විකෘති කරලා තියෙන්නේ. අනුර දිසානායක සහෝදරයා පැහැදිලිවම කිව්වා මේ පනතට පක්‍ෂයි. ඒත් මේ වෙලාවේ ආණ්ඩුව මේක ගේන්නේ පලාත්පාලන ඡන්දය කල් දමා ගැනීමේ උවමනාවෙන්. ඒ නිසා මේ වෙලාවේ මේ පනත ගේන්න එපා කියලා.

:       4       5

athuraWednesday, 18 January 2023 10:56 AM

අනුර සහෝදරය මේ පනතින් පළාත් පාලන චන්දෙ කල් යන විදිහත් පැහැදිළිවම කිව්වද.

:       3       4

Sanath KandyWednesday, 18 January 2023 11:59 AM

ඔව් කිව්වා, ඊයේ පාර්ලිමේන්තුවේ කතාව අහන්න.

:       4       2

sisira Tuesday, 17 January 2023 09:45 PM

විපක්ෂ නායකට මුදල් ලැබෙන ආකාරය හෙළිකිරීමට ඔහු අකමැතියි

:       2       6

VajiraWednesday, 18 January 2023 12:21 PM

වියදම් කරන්නේ ඉදිරියේදී සජිත්ගේ ආණ්ඩුවක් ආවොත් වාසි ගන්න බලාගෙන ඉන්න ජාවාරම්කාරයෝයි. නීතියෙන් බේරෙන්න බලාගෙන ඉන්න අපරාධකාරයෝයි...

:       0       1

Peduru Wednesday, 18 January 2023 05:34 AM

ජනතාව දුක් විඳිනවා විරුද්ධ පක්ෂවලට දරා ගන්න බැරි දුකක්. ඒ නිසා ජනතාව මුදා ගන්න නම් මේ රජය පෙරලා දමා බලය ගත යුතුයි. ඔක්කොම එකතුවෙලා වැඩකරලා ජනතාවට සහනයක් ලබා දෙන්න පුලුවන් වුනත් බලය ගත්තොත් ජනතාවට කිරියෙන් පැණියෙන් උතුරැවන්න පුලුවන් නිසා ජනතාවට එය ලබා දිය යුතුයි. ඒකනේ බත් වෙනුවට බස් ලබා දෙන්නේ. ඉතින් මේ රජය එලවා දමන්න ගොඩාක් සල්ලි ඕනෑ. ඒකයි ඔය පනතට විරැද්ධ.

:       6       3

fairoos Wednesday, 18 January 2023 12:08 PM

ඡන්ද කල්දාගන්න ආණ්ඩුවේ තවත් නාට්‍යයක්... බයියන් ඉතින් ජවිපයටයි, විපක්ෂයටයි බැනගෙන යයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site