IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පක්ෂ නායකයෝ හෙට රැස්වෙති

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනාව විවාදයට ගැනීම සඳහා  ලබන මස 1 වැනිදා සෙනසුරාදා  හදිසි පාර්ලිමේන්තු  රැස්වීමක් පැවැත්වෙනු ඇතැයි එහි ආරංචිමාර්ගවලින් පැවසේ.

මේ සම්බන්ධයෙන් අවසාන තීරණය ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට (27) පෙරවරු 11.00  ට පැවැත්වීමට නියමිතය.

මෙම විවාදයෙන් අනතුරුව එදින පස්වරුවේ ඒ පිළිබඳව ඡන්ද විමසීමක් ද පැවැත්වෙනු ඇත.

මෙම හදිසි පාර්ලිමේන්තු රැස්වීම හේතුවෙන් මේ සතියේ කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලය සියලු මැති ඇමැතිවරුන්ට දැනටමත් දැනුම්දී ඇත.

එසේම  විදේශ සංචාරවල  නොයෙදෙන ලෙසටද ඔවුනට දන්වා  ඇතැයි වාර්තා වේ.

මේ අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන්  හෙට ( 28) පැවැත්වීමට නියමිතය.

එසේම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමගි ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (26) පස්වරුවේ රැස් වීමට තීරණය කර ඇත.



අදහස් (0)

පක්ෂ නායකයෝ හෙට රැස්වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site