IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පක්ෂ නායකයන් කීවොත් ජනපති යන බව කතානායක කීවා - විපක්ෂ නායක

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පක්ෂ නායකයන් සියලුම දෙනා ඉල්ලා අස්වෙන්න කියනවනම් ජනාධිපති ඊට සූදානම් බව ඔබතුමා පක්ෂ නායක රැස්වීමේදී කිව්වා. විපක්ෂයේ සියලුම නායකයන් ඒකමතිකව ඒ යෝජනාව කරන්න සූදානම් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රඹුක්කන ඇතිවූ සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.

"විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් කීප දෙනෙකුගෙන් යුතු පරීක්ෂණ මණ්ඩලයක් අපට අවශ්‍යයි. එසේ නැතිව නොයෙක් පොලිසි වලට පරීක්ෂණ කරන්න කියා වැඩක් නැහැ.මේ ආණ්ඩුවට තිබෙන්නේ වැලිකඩ සිරකරුවන් ඝාතනය කළ ඉතිහාසයක්.එදා හමුදා බස් රථයටත් ගිනි තැබුවේ ආණ්ඩුවේ නියෝජිතයන්.වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයාගේ පවුලේ වගකීම අප බාරගන්නවා.යනුවෙන්ද සජිත් පේමදාස මහතා පැවසීය.



අදහස් (8)

පක්ෂ නායකයන් කීවොත් ජනපති යන බව කතානායක කීවා - විපක්ෂ නායක

චන්දන Wednesday, 20 April 2022 12:56 PM

උද්ඝෝෂණ කරන අයට දෙන දඬුවම් ගැන සජිත්ට කතා කරන්න බැහැ.

:       12       22

nimalWednesday, 20 April 2022 04:27 PM

පක්ෂ නායකයින් සියලුම දෙනා ඉල්ලා අස්වෙන්න කියනවා නම් ජනාධිපති ඉල්ලා අස්වී, සජිත් ජනපති කිරීම හැර වෙනත් විකල්පයක් නැත.

:       4       4

කිරි පුතා Wednesday, 20 April 2022 01:02 PM

මෙයා සැලසුම් කරනවා ඇති ඉන්න ජනාධිපතිතුමා එළවලා එයා එතැනට එන්න. එහෙම නම් මාරෙටම තියෙයි අපේ රට. නිකම් නාටක මාරයි නමය හමාරයි වගේ...

:       19       32

මහසෙන් Wednesday, 20 April 2022 01:11 PM

ගෝඨා ගෝ හෝම් වගේම සජිත් ස්ටේ හෝම් කියලා තමයි කියන්නේ. මේ වෙන ජීවිතහානි වගේම, මිනිස්සු විඳින දුක් කන්දරාවටත් ඔය කොයි අප්පුහාමිලත් වග කියන්න ඕනෑ. දැන් බෙරිහන් දෙයි ටික දවසක්. එතැනින් එහාදෙයක් නෑ. කිවයුත්තේ රටේ මීළඟ පාලකයා ඔයාවත්, ඔයාගේ ඔය සුජාත යයි කියන සෙට් එකවත් නොවේ...

:       11       35

වරුණWednesday, 20 April 2022 02:38 PM

ස්ටේ හෝම් වෙන්න ඕන රතු කමිසකාරයින් සහ ශ්‍රීලනිප නිල් කමිස කාරයින් ටික. ඇමරිකාවට බැන බැන රටට ඩොලර් ගේන්න පුළුවන්ද? බොරු දේශප්‍රේමේ තිබ්බට රට හදන්න බෑ. ලෝකේ වෙළඳාම තියෙන්නේ ආණ්ඩු අතේ නෙමෙයි. බිස්නස් කාරයින් අතේ. ඒ මිනිස්සුත් එක්ක කතා කරන්න පුළුවන් පාලකයින් ටිකක් එන්න ඕනෑ. සමාජවාදෙන් රට ගොඩගන්න පුළුවන්ද? පිස්සු තමයි. ඔය ශ්‍රීලනිප සෙට් එකත් දැන් තේරුම් ගන්න ඕන බණ්ඩාරනායක ප්‍රතිපත්තිවලින් මේ රටට වෙච්ච විනාශයේ තරම. මැද මාවත, නොබැඳි බයිලා හින්දා තමයි අපි කොන්වුණේ. එකම විසඳුම බටහිර ලිබරල් වාදය පමණයි. අන්තිමට නැට්ට අකුළන් අයි.එම්.එෆ්. යන්න වුණු හැටි දැක්කානේ...!

:       2       8

කෝරලගේWednesday, 20 April 2022 03:48 PM

ඔව්, ඉතින් විපක්ෂනායකතුමා අවුරුද්දකටත් ඉස්සෙල්ලා ඉඳන් කිව්වා IMFයන්න ගත්තු ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා, රසායනික පොහොර ගොවියන්ට දීලා කාබනික පොහොර දිගු කාලයක් අරගෙන රටට හඳුන්වන්න කියලා... මේවා ඉතින් ටොම් පචනේ. දැන් තේරෙනවා නේද ඒවා ඒ වෙලාවේ කළා නම් අද වෙනකොට රට මේ අගාධයෙන් බේරගන්න තිබුණා කියලා. දැන්වත් විපක්ෂනායකතුමාට රට බාරදීලා මේ ආණ්ඩුවේ පිස්සු නඩේ ගියා නම් තමයි රටට සෙතක් වෙන්නේ...

:       1       6

aravinda monarawila Wednesday, 20 April 2022 01:47 PM

විපක්ෂයේ පක්ෂ නායකයින් ආයේ අලුතින් කියන එකක් නැහැ. රටේම මිනිස්සු පාරට බැහැලා කියන්නේ ‘‘ගෝඨා ගෝ හෝම්‘‘ කියලා. ඒක නොතේරෙන්න මෙයා පොඩි බබෙක් නෙවෙයිනේ...

:       6       8

බද්රානි Wednesday, 20 April 2022 07:25 PM

ඔය කවුරු මොනවා කිව්වත් බහිරවයින්ව දුම්මල ගහලාවත් එලවගන්න බැහැ කියල තමයි මම අහලා තියෙන්නේ... මනුස්සයින්ගේ රීරි මාංශ උරා බීලා තමයි ඔය කට්ටිය මේ ලෝකෙන් චුතවෙන්නේ...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site