IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පක්ෂයෙන් ගිය යළි එනව නම් ඇමතිධූර අත්හැර එන්න

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ආණ්ඩුවට එක්ව සිටින කණ්ඩායම යළිත් පක්‍ෂය හා එක්වන්නේ නම් ඔවුන්ට ඇමති තනතුරු අත්හරින්නට සිදුවන බව එම පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

පක්‍ෂයේ සියලුදෙනා එක්වීම හොඳ දෙයක් වුවත්, ඔවුන් සම්බන්ධයෙන් යම් තීන්දුවක් ගැනීමට සිදුවූයේ පක්‍ෂ තීන්දුවට පටහැනිව ක්‍රියා කළ නිසා බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔවුන් යළිත් පක්‍ෂය සමඟ සාකච්ඡා කර ඇති අතර, ඔවුන් යළි පක්‍ෂයට එක්වන්නේ නම් ඇමතිධූර අත්හැර පැමිණිය යුතු බවත්, කොටසක් ආණ්ඩුවේත්, කොටසක් විපක්‍ෂයේත් සිටිමින් පක්‍ෂය ඉදිරියට ගෙනයාමට නොහැකි බවත් ජයසේකර මහතා කීවේය.

එම කණ්ඩායම සමඟ පැවැත්වෙන සාකච්ඡා හොඳ තැනකට තල්ලු කරගැනීමට උත්සාහ කරගන්නා බව කී ජයසේකර මහතා එතෙක් දැනට පවත්වන විනය පරීක්‍ෂණ ක්‍රියාවලිය දැනට ඉදිරියට ගෙන යන බව ද පැවසීය.
මහලේකම්වරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (4) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රජය ගෙනඒමට යන ත්‍රස්ත විරෝධී පනත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතටත් එහා ගොස් ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරන එකක් බව කී මන්ත්‍රීවරයා ඒ සඳහා සංශෝධන ගණනාවක් ගෙනඒමට බලාපොරොත්තු වන බව ද පැවසීය.



අදහස් (2)

පක්ෂයෙන් ගිය යළි එනව නම් ඇමතිධූර අත්හැර එන්න

Sanjeewa Tuesday, 04 April 2023 04:07 PM

එහෙම වුනත් අපි ඔයාව විශ්වාස කරන්නෙ නෑ

:       0       2

යෝගා Tuesday, 04 April 2023 04:27 PM

දැන් ඔය ත්‍රීවීල් පක්ෂයට එනව නම් එන්නේ මන්ද මානසික අසනීපකාරයෝ විතරයි

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site