IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘පීකොක්‘ හිමිකරු අල්ලස් කොමිසමේ

අල්ලස් හා දූෂණ කොමිසමේ කැඳවුමක් මත කොළඹ ඉඩම් ව්‍යාපාරික හා හිටපු තානාපතිවරයකු වූ ඒ.එස්.පී. ලියනගේ අද (4) ප්‍රකාශයක් ලබාදීමට එහි පැමිණියේය.

මහින්ද රාජපක්ෂ යුගයේ නයිජීරියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වූ ඒ.එස්.පී. ලියනගේ රාජගිරියේ පීකොක් මන්දිරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා අල්ලස් කොමිසමට කැඳවා ඇත. මහින්ද රාජපක්ෂ මහතා ජනපතිවරණයෙන් පරාජය වීමෙන් පසුව ඔහුට එම මන්දිරය තෑගි කරන බව ඒ දිනවල ඒ.එස්.පී.ලියනගේ මාධ්‍ය මගින් ලොකු ප්‍රචාරයක් ගෙන ගියේය. එම මන්දිරය රුපියල් කෝටි 75කට රාජපක්ෂ මහතාට විකිණීමට ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමාගෙන් ප්‍රකාශයක් ගැනීමට කැඳවා ඇති බවද කියයි.

එම මන්දිරය රුපියල් කෝටි 45කට විකිණීමට හැකියාවක් තිබියදී තමා එය මහින්ද රාජපක්ෂ මහතාට තෑගි කිරීමට සිතූ බවත් ඔහු කියා ඇත. 

පීකොක් මන්දිරයේ නාන තටාකය වෙනස් කර ජනෙල් දොරවල් වෙනස් කිරීම ගැන ඔහුගෙන් පැය දෙකක් පමණ ප්‍රශ්න කැරිණි. ඒ වෙනස්කම් තමාගේ වියදමින් කළ ඒවා බවත් හිටපු ජනපතිවරයාගෙන් මුදල් ලබානොගත් බවත් ඒ.එස්.පී. ලියනගේ පැවසීය. අවශ්‍යනම් නැවත කැඳවීමක් කරන බවද තමාට දැන්වූ බව ඔහු කියයි.

රජයෙන් නිල නිවසක් ලැබෙන තුරු හිටපු ජනපතිට තම නිල නිවාසය දීමට කැමත්ත පළ කළත් තමාගේ භාර්යාව ඊට විරුද්ධ වූ බවත් ඒ නිසා නිවස හිටපු ජනපතිට ලබානොදුන් බවත් ඔහු කොමිසම හමුවේ කියා ඇත.

pea_satatment

 

peacock_160104 peacock_160104.jpg(1) peacock_160104.jpg(2) peacock_160104.jpg(3)

ASP_201614 ASP_201614-2 ASP_201614-3 ASP_201614-4



අදහස් (0)

‘පීකොක්‘ හිමිකරු අල්ලස් කොමිසමේ

ද සිල්වා Thursday, 14 January 2016 05:25 AM

මහින්දට මන්දිරයක් දෙන එක පාඩුවක් නැතුව ඇති එතුමාගේ කාලේ මන්දිරය වගේ කිහිප ගුණයක් හම්මබ කරගන්න ඇති (ම)

:       0       0

විජිත් Monday, 04 January 2016 02:23 PM

අරයාට දුන්නනම් දුන්නම තමයි..අායේ ගනු බොරු. (බ)

:       0       0

බණ්ඩාර Tuesday, 05 January 2016 09:17 AM

අම්මෝ මේ මන්දිරයේ ලස්සන! (නි)

:       0       0

හර්ෂ Monday, 04 January 2016 03:47 PM

කව්රුත් කාටවත් නිකන් දෙනවනම් ...අපිට මොකද, ... අනික මිනිහ ප්‍රසිද්ධ වෙන්න කරපු වැඩක්, ඒ විතරක් නෙමේ මිනිහ හැදුව මේක මහින්දට කුලියට දෙන්න ... ආණ්ඩුවෙන් ගෙවනවානේ ... වැඩේ හරිගියෙ නැහැ. (බ)

:       0       0

ජනක Tuesday, 05 January 2016 05:42 AM

මේ ආණ්ඩුවේ පැවැත්ම මේක තමා මහින්ද අල්ලාගෙන ඉතුරු ටිකත් එල්ලිලා ඉන්න තමා හදන්නේ මහින්දට පුදුම බයක්නේ මෙයාලගේ තියෙන්නේ (කෞ)

:       0       0

නුවන් Monday, 04 January 2016 09:46 AM

තමන්ගෙ තියෙන දෙයක් තමන්ට ඕන කෙනකුට දෙන්නත් බැරිද දැං.? (ර)

:       0       0

චන්දන Monday, 04 January 2016 04:58 PM

දුමින්ද, සමන්ත, ඔයාලා දන්නේ ටිකයි. ඉදිරියේදී බලාගන්න තව ගොඩක් දේවල් එළිවේවි (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 04 January 2016 06:28 PM

අපිත් බලාගෙන ඉන්නේ වෙන්නේ මොකක්ද කියලා තමයි (නි)

:       0       0

චාමර Monday, 04 January 2016 10:41 AM

ගේ නම් ලස්සනයි. (ර)

:       0       0

පාටලී Monday, 04 January 2016 10:52 AM

අල්ලපු හොරෙකුත් නෑ තාම... (ර)

:       0       0

චානක Monday, 04 January 2016 05:46 AM

ලස්සන ගෙදර (ම)

:       0       0

අශෝක Monday, 04 January 2016 06:15 AM

හොඳට යහපත් විදියට සල්ලි හම්බකරලා තියෙනවා (බ)

:       0       0

මාධව Monday, 04 January 2016 06:28 AM

පේන හැටියට වස්තු දෝෂ එමටයි!! ගත්තොත් වගතුවක් නැහැ !! (බ)

:       0       0

දුමින්ද Monday, 04 January 2016 11:27 AM

පක්ෂ අය රජගෙට -විපක්ෂ නම් සිරගෙට (බ)

:       0       0

චන්දන Monday, 04 January 2016 11:33 AM

කම්කරු පක්ෂයේ නායකයා වුනාට ඉන්නේ කෝටි 75 මන්දිරයක, අඳින්නෙ රට ඇඳුම්, කරන්නේ ව්‍යාපාර...(බ)

:       0       0

චානක Tuesday, 05 January 2016 01:14 AM

බොරු සංදර්ශන නම් එපා (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 04 January 2016 07:12 AM

හැම කෙනාම ගෙනියනවා .අපි බලගෙන ඉන්නවා. (ර)

:       0       0

සමන්ති Tuesday, 05 January 2016 02:21 PM

එ්ක පුද්ගල කම්කරු නායක තුමනි ,ටියුෂන් පන්තිය දාගෙන හිටියානම් ඉවරයිනේ (බ)

:       0       0

සරසි Monday, 04 January 2016 11:50 AM

කාට හරි ගෙයක් දොරක් තිබුනොත් ඒකට ඇස ගහ ගෙන ඉන්න එක ඉතින් ලංකාවේ පුරුද්දනේ . (ම)

:       0       0

නිහාල් Tuesday, 05 January 2016 06:49 AM

මේ ර‍ටේ මිනිසුන්ට මුල මතක නැති එක ගැන අපිට හරිම දුකයි. (නි)

:       0       0

නිහාල් Monday, 04 January 2016 07:19 AM

ඕවත් වැඩද දැන් වෙන දේවල් දැක්කම. (ර)

:       0       0

සමන්ත Monday, 04 January 2016 12:56 PM

මේ මහතාගේ පෞද්ගලික නිවාස එතුමා කැමති ඕන කෙනෙකුට දුන්නහම ආණ්ඩුවට තියෙන අමාරුව මොකක්ද. අර වෛද්‍යවරියක් කොළඹ තිබුන තමාගේ පෞද්ගලික නිවාස හා ඉඩම කොළඹ විශ්ව විද්‍යාලයට පවරා දුන්නහම එ්ක හොර ඔප්පුවකින් ලියා ගත් ඇමතියා තවමත් ආණ්ඩුවේ ඉන්නේ කිසි ප්‍රශ්නයක් නැතුව (බ)

:       0       0

සේන Monday, 04 January 2016 07:53 AM

බරපතල වැරදි කළ අය විශාල පිරිසක් රජයට සම්බන්ධ වී සිටියදී ,මේ කරන්නේ මෝඩ පළිගැනීම් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site