IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


පංචිකාවත්තේ වෙඩි තැබීමට අනුබල දුන් සැකකරුවෙක් දැලේ

(ගයාන් සූරියආරච්චි)

පංචිකාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තැබීමට උත්සාහ කළ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව එම වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයකු ඊයේ (19) අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලිගාවත්ත ප්‍ර දේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරුවලට අනුව එම අපරාධය සදහා යොදගත් යතුරුපැදිය ද පොලිසිය භාරයට ගෙන ඇත.

පංචිකාවත්ත ප්‍ර දේශයේදී ඉකුත් (13) අලුයම යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් නිවෙසක් අසල සිට පුද්ගලයකුට ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කිරීමේදී ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් අනතුරුව සැකකරුවන් පලාගොස් තිබුණි.

අනතුරුව මරදාන පොලිසිය කළ විමර්ශනවලින් පසු වෙඩික්කරු වශයෙන් ක්‍රියාකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැදවුම් නියෝග මත කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කරගත් තොරතුරුවලට අනුව විමර්ශන ආරම්භ කර තිබුණි.

මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

පංචිකාවත්තේ වෙඩි තැබීමට අනුබල දුන් සැකකරුවෙක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1979 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 621 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 705 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site