සාමකාමී විරෝධතාකරුවන් වෙත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් විරෝධතා සාමකාමීව පැවැත්වෙන අවස්ථාවක හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිවි ට්‍රීනා යුරන්ලි එස්කෙඩල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඉතා සමීපව නිරීක්ෂණය කරන බව ද සඳහන් කරන ඇය සංයමයෙන් කටයුතු කරන්නැයි සියලු පාර්ශවවලින් ඉල්ලා ඇත.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාම නේද කිව්වේ රට උතුරු, නැගෙහිර, දකුණ ප්‍රාන්ත තුනට කඩලා දෙන්න කියලා...!
ඔය ගොල්ලන් ඉන්න හින්දා තමයි මෙච්චර කලකට ජීවිත අනතුරක් වුණේ නැත්තේ.... නැත්තං මෙලහකට කී දෙනෙක් පොළවේ යටද?
යාල ප්‍රභාකරන් එක්ක ගහපු ගේම් ටික තවමත් අමතක නැති බව කියන්න ඕනෑ...
ඒ කාලේ නොර්වේ වහකදුරු කට්ටියට දැන් නෝර්වේ හොඳවෙලා
රාජපක්ෂ පාණ්ඩුව එලවන්න ජාත්‍යන්තර සහය අවශ්‍යයි. කරුණාකර රාජපක්ෂ පාණ්ඩුව ගෙදර යවන්න ශ්‍රී ලංකාවේ මහජනතාවට උදව් කරන්න.
පෙරෙට්ටන් ප්රමුඛ ජෙපි හමුදාව කොහෙද සාමකාමී උද්ඝෝෂණ කරන්නෙ? අන්තරේ ඉන්නෙ සීලවන්තයො ද
ශ්රී ලංකාවේ නෝර්වේ තානාපති ගරු ට්‍රීනා යුරන්ලි එස්කෙඩල් මැතිනියනි ඔබගේ අවධානය මෙරටේ බෙහෙත් හිඟය කිරිපිටි හිඟය ගෑස් ඇතුළු ඉන්ධන හිඟය ගැන ඔබගේ කාරුණික අවධානය යොමුකර රටට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඔබගේ හැකියාව අනුව ලබාදීමටත් ඔබගේ අවධානය යොමු කරන්නේ නම් අපි එය ඉතා අගය කරමු
කඳුළුගෑස් ප්‍රහාර වහා නවතනු...!සාමකාමී උද්ඝෝෂණයට අත නොතබනු...!හදිසි නීතිය වහාම අයින් කරනු...!ලෝක ප්‍රජාවම රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව කරන උද්ඝෝෂණය අනුමත කර ඇත.
නොර්වේ තානාපතිනිය. අපි ඔබලගේ ප්‍රාන්ත රාජ්‍යයක් නොවෙයි. ජනතාව රජයක් පත්කරලා තියෙනවා... ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන විට භාවිතයෙන් අපි ඉතාම අඩුවෙන් භාවිතා කරලා තියෙනවා. ඒ බහුතර ජනයා රකින්නයි ඔබලාගේ රටවල විශාල මුල්‍ය අනුග්‍රහයන් මත රටේ ත්‍රස්තවාදය ඇති කරන්න බැහැ. අතීතයේ එහෙම කළා... ඉදිරියට වෙන්න දෙන්නේ නැහැ. තානාපතිකම විතරක් කරන්න. ආණ්ඩුකාරකම කරන්න හදන්න එපා.