(රංජිත් රාජපක්ෂ)
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ බලය හිමිකර ගත් ජාතික ජන බලවේගයෙන් පසුව ස්වධීන වූ නව සභාපති ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා සහ දමිළ ප්‍රගතිශීලි සංධානයෙන් (සජබ) එම සභාවට තේරි පත් වූ උප සභාපති නඩරාජා සිවකුමාර් මහතා දැඩි පොලිස් ආරක්ෂාව යටතේ අද දින එම සභාවට පැමිණ සර්ව ආගමින වතාවත් පවත්වා එම ධුරයේ වැඩ කටයුතු නිළ වශයෙන් ආරම්භ කළේය.
එම සභාවට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ තේරි පත් ව පසුව ස්වාධීන වූ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා ඇතුලු සෙසු සභිකයන් 06 දෙනා, දමිළ ප්‍රගතිශීලි සංධානයෙන් පත් වූ සභිකයන් 05 දෙනා සහ ආධාරකරුවන් සමග සභාව වෙත පැමිණ නිළ වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු සභාපතිවරයා නෝර්වුඩ් ප්‍රාදේශීය සභවේ කාර්යමණ්ඩලය සමග ඉදිරි වැඩ පිලිවෙළ පිලිබදව දැනුවත් කළේය.
නිළ වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කියා සිටියේ “නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව පසුගිය පාලන කාලයේ දුෂණ සහ අක්‍රමිකතා ගණනාවක් සිදු වී ඇති ප්‍රාදේශීය සභාවක් බවයි.
වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව නුවරඑලිය දිස්ත්‍රික්කයේ හොදම ප්‍රාදේශීය සභාව බවට පත් කරන බවයි.
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නිළ වශයෙන් වැඩ භාර ගන්නා අවස්ථාවේ ප්‍රාදේශීය සභාව ඉදිරිපිට වතුකරය නියොජනය කරන වෘත්තීය සමිතියක පිරිසක් විරෝධතාවයක් දැක්වීමට සුදානමක් ඇති බවට ලද තොරතුරක් මත නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
නෝර්වුඩ් සභාපති පොලිස් ආරක්ෂාව මැද වැඩ අරඹයි