
(රංජිත් රාජපක්ෂ )
නත්තල් සමය නිමිත්තෙන් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් දිවයිනේ පළාත් කිහිපයකට ඊයේ (23) සහ අද(24) දින එළවලු කිලෝ 182,600ක ඉල්ලුමක් ලැබී තිබූ බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ කළමණාකාරවරයා පැවසීය.
එම ඉල්ලුම අනුව එම එළවලු තොග දිවයිනේ පළාත් කිහිපයකට ප්‍රවාහනය කළ බවද ඔහු පැවසීය.
ඉන් වැඩි ඉල්ලුමක් කැරට් වලට සහ ලීක්ස් වලට තිබු බවත් , කැරට් කිලෝ 55,000ක් සහ ලීක්ස් කිලෝ 55,000ක් එහි තිබුණු බවද කළමණාකාරවරයා පැවසීය.
මේ අනුව ගෝවා කිලෝවක් -රු.220, කැරට් -රු.200, ලීක්ස් -රු.200, රාබු -රු.150, බීට්රුට් -රු.350, බීට්රූට්/කට් -රු.470, අර්තාපල් -රු.270, රතු අර්තාපල් -රු.280, නෝකොල් -රු.250, සලාද -රු.600 යන මිලකට ගොවීන්ගෙන් මිලදී ගත් බව කළමණාකාරවරයා කියා සිටියේය.
මේ අතර වෙළද පොළේ බෝංචි කිලෝවක් රු.800, මාලු මිරිස් කිලෝවක් රු 1200, අමු මිරිස් කිලෝවක් රු.1000 සහ පහත රට සෑම එළවලු කිලෝවක් රු.600-800ත් අතර සිල්ලර මිලකට අලෙවි විය
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නුවරඑළියෙන් දිවයින පුරා එළවළු කිලෝ 182,600ක් යවයි