(යොහාන් භාසුර)
නීති විරෝධී පොලිතීන් ලන්ච්ෂීට් කිලෝග්‍රෑම් 2,210 ක් අත්අඩංගුවට ගත් බව මධ්‍යම පරිසර අධිකාරිය සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා අද (7) පවසීය.
මධ්‍යම පරිසර අධිකාරිය, පොලිස් බුද්ධි අංශයේ සහය ඇතිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ එක්ව කළ වැටලීමකදී මෙම තොගය අත්අඩංගුවට ගත් බව ද ඒ මහතා කීය.
මධ්‍යම පරිසර අධිකාරියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ලන්ච්ෂීට් නිෂ්පාදන කර්මාන්තශාලාව වැටලූ බවත් ජාතික පාරිසරික පනතේ විධිවිධාන අනුව මධ්‍යම පරිසර අධිකාරිය කර්මාන්තශාලා හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා ඇති බවත් ඒ මහතා කීය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නීති විරෝධී ලන්ච්ෂීට් කිලෝ 2,200ක් අත්අඩංගුවට