
(මනෝප්‍රිය ගුණසේකර)
නීතිපති දප්පුල ද ලිවේරා මහතා කැනඩාවේ මහකොමසාරිස් ලෙස පත් කර ඇතැයි රජයේ ආංචි මාර්ග කියයි.
නීතිපති ලෙස කටයුතු කළ දප්පුල ද ලිවේරා මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔහු අදාල මහකොමසාරිස් ධූරය පිරිනමා ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
තමන්ට ලබා දුන් නව පත්වීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තුතිය පළ කළ නීතිපතිවරයා තවදුරටත් මේ රටේ ජනතාව වෙනුවෙන් සේවය කිරීම තම කැමැත්ත බව පවසා ඇතැයි වාර්තා වෙයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.