
(මනෝප්‍රිය ගුණසේකර)
නීතිපති දප්පුල ද ලිවේරා මහතා කැනඩාවේ මහකොමසාරිස් ලෙස පත් කර ඇතැයි රජයේ ආංචි මාර්ග කියයි.
නීතිපති ලෙස කටයුතු කළ දප්පුල ද ලිවේරා මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔහු අදාල මහකොමසාරිස් ධූරය පිරිනමා ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
තමන්ට ලබා දුන් නව පත්වීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තුතිය පළ කළ නීතිපතිවරයා තවදුරටත් මේ රටේ ජනතාව වෙනුවෙන් සේවය කිරීම තම කැමැත්ත බව පවසා ඇතැයි වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මගේ රටට බුදුන්ගේ සරණ ලැබේවා
සොලිසිටර් ජෙනරාල් විසින් එම පත්වීම ප්‍රතික්ෂේප කරන ලදී
සුබ පැතුම් වරාය නගර තීන්දුව දිලාද විශ්‍රාම ගියේ
කළගුණ සැලකීම වෙන්න ඇති නේද?
ලැජ්ජයි, කොණ්ඩෙවත් පීරපු නැති කෙනෙක්...
ජනාධිපතිගේ කීකරු ටොමියා...
ඔහු ඒ තනතුර ප්‍රතික්ෂේප කරලා කියලා තිබුනා.
අපි හිතුවා.
මෙයා නීතිපති ලෙස තදින් හිටිය. බොහෝ දෙනෙකුට එක දිරෙව්වේ නෑ. එහෙම අයට කැපිලි වැඩියි. වෛද්‍ය අනිල් ජාසිංහ ට උනෙත් ඕක තමා. එවැනි යට දෙන්නේ තව උසස් තනතුරු.
ජයවේවා.... ඔබතුමා නිතිපති නිසා අහන්නේ ඔය ලොකු ලොකු රස්සාවලට වයස සීමාවක් නැද්ද අපි රස්සාවට යන්න හැදුවොත් වයස අහලා කපලා දානවා ඔබතුමා මේකටත් නීතියක් හදන්නකෝ
තානාපති කම දිලා මදි ආණ්ඩුව වෙනුවෙන් කළ සේවයට අගමැතිකමක්වත් දෙන්න ඕන
පාලකයෝ නීතියට කැමැති නැහැ. හැබැයි 20ට නම් නම්‍යශීලීයි.
අයෙත් ඇමරිකන් පුරවැසියා එහෙට ආවොත් කොහොමහරි අල්ලපු රටට තල්ලුකරවා ගන්න වෙන්න ඇති. අනේ මන්දා...?
ඔක්කොම ඩබල් ගේම්. කටින් ගහලා ඇත්ත බොරුව කරන, බොරුව ඇත්ත කරන සෙට් එකක් ඉන්නවා පොහොට්ටුවේ. ආණ්ඩුව වෙනස් වූ දවසක එළි වේවි සියල්ල.
දැන් මෙයාට වඩා හොදට කඩේ යන්න පුළුවන්... කෙනෙක් පත්කර ගනිමු නේද? මෙයත් තමන්ගේ වගේ වැඩ කළේ... මෙයාගේ විශ්‍රාම යාම කෙසේවෙතත් ලොකු පාඩුවක්.. ආණ්ඩුවේ කීකරු සේවකයෙක්. මෙයාගෙන් ඉටුවුනේ ආණ්ඩුවේ වුවමනාවන් විතරයි.
මේක එතුමට දීපු තෑග්ගක් නොවන බවත්, ඉස අතගා ටොකු ඇනීමක් නැත්නම් කපන්න බැරි අත සිඹීමක් වගේ දෙයක්. හොඳින් මේ නව තනතුර අරගෙන ෂේප් එකේ ඉන්න කියනව වගේ... මෙතුමා යම් යම් තීරණ ගත්ත පාලකයනට දිරවන්නෙ නැති. ඊනියා ජනාධිපති කොමිසමට එරෙහි වීම එයට නීතීඥයන් නොයැවීම..., රිෂාඩ් පාර්ලිමේන්තුවට ගෙන ඒමට හැකි බව ප්‍රකාශ කිරීම වගේ. ශිරානි බණ්ඩාරනායකට වූ දෙය මෙතුමාට නොවේවා. ඔබගේ තීරණය අගේ කරමි...
මෙයා ලංකාවේ ඉන්න එක අවදානම්.... අනික් ඡන්දෙට පොදු අපේක්ෂකයා වුනොත්. හොඳම දේ රටින් පිටකිරීම...