මෙරට වාහන ආනයනය කිරීමට පනවා තිබූ සීමා වසර 5 කට පසුව පසුගිය පෙබරවාරි 1 වැනිදා ඉවත් කිරීමෙන් පසුව වාහන ආනයනය කිරීමට ශ්‍රී ලාංකිකයන් දැඩි උනන්දුවක් දැක්වීම හේතුවෙන් මෙරට නිල විදෙස් සංචිතවලට සෘනාත්මක බලපෑමක් එල්ල වී ඇති බැවින් එය මග හරවා ගැනීමට සුදුසු පියවර ගන්න යැයි මහා භාණ්ඩාගාරය මහ බැංකුවට දන්වා තිබෙන බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
වාහන ආනයනය සීමා ඉවත් කර මාස 5 කදී වාහන ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 742 ක ණයවර ලිපි විවෘත කර තිබෙන බවත් මෙම වසරටම වාහන ආනයනය කිරීම සඳහා වෙන්කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක මුදලක් පමණක් බවත් ආරංචි මාර්ග පැවැසුවේය.
ඒ හේතුවෙන් වාහන ආනයනය කිරීම සඳහා බලාපොරොත්තු වූවාට වඩා වේගයකින් ණයවර ලිපි විවෘත වන බවත් වාහන ආනයනයද සිදුවන බවත් භාණ්ඩාගාරය මහ බැංකුවට දැනුම්දී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. මහ බැංකුව වාහන ආනයනය කිරීමේ ප්‍රවණතා සමීපව අධ්‍යනය කර ඒ සඳහා පිළියම් වේලාසන සූදානම් කරගත යුතු බව භාණ්ඩාගාරයේ නිර්දේශය යැයි ආරංචි මාර්ග පැවැසුවේය.
ඇමෙරිකානු ඩොලර් විශාල වශයෙන් පිටතට ගලා යෑම මෙරට නිල විදෙස් සංචිතවලට මෙන්ම විනිමය අනුපාතවලටද බලපෑමක් එල්ල කරනු ඇතැයි මහා භාණ්ඩාගාරය මහ බැංකුවට පෙන්වා දී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන ඇතුළු මෙරට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනයන්ට බලපෑම් එල්ල විය හැකි යැයි ආරංචි මාර්ග පැවැසුවේය.
වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසුව මාස 5 ක් තුළ මෙරටට වාහන 18,000 ක් ගෙන්වා තිබෙන බවත් ඉන් රුපියල් බිලියන 220 ක් බදු ආදායමක් උපයා තිබෙන බවත් වාහන ආනයනය පිළිබඳ අදහස් දක්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා අප පුවත්පතට ප්‍රකාශ කළේය. වාහන ආනයනය මුල් මාස 6 රේගු ආදායම වූ රුපියල් ට්‍රිලියනයට සැළකිය යුතු දායකත්වයක් ලබාදී තිබෙන බවත් මෙම වසරේ රේගු ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 2.1 ක් බවත් ඔහු පැවැසුවේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නිල විදෙස් සංචිත සෘන පැත්තට මහා භාණ්ඩාගාරය කියයි
kasun Monday, 07 July 2025 06:57 AM
මොකද්ද බන් දැන් කියන්නේ? ගෙන්නන එක හොඳයි කියලාද නැහැ කියලාද ?
pj Monday, 07 July 2025 07:35 AM
පුනරැදාව දෝරේ ගලයි......
යෝගා Monday, 07 July 2025 09:24 AM
අලුතෙන් කිසිම ආයෝජන හෝ ආදායම් මාර්ග නැතිව වියදම වැඩි උනාම ඔහොම තමයි. ඒ මදිවට පුනර්ජනනීය බලශක්තිය අඩපණ කරලා ඩීසල් මාෆියාවට උදව් කරනවා. පත්වෙලා මාස 8යි දැනටම අනාගෙන.
Sara Monday, 07 July 2025 10:20 AM
රනිල් අමාරුවෙන් ගොඩ දාපු ආර්ථිකය මෙයාල අනනවා ඇනිල්ලක් ආයේ ගොඩ දාන්න බැරි වෙන්නම.