IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


නිදහස් පක්ෂයේ ජනපති අපේක්ෂක විජයදාස

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (1) පැවැසීය.

වෘත්තීය සමිති නායක ටී.බී. ඉලංගරත්න මහතාගේ ගුණසමරු උත්සවයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවැසීය.

ආණ්ඩුවේ ඇමැතිවරයකු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එකතු කරගත් බව කී මෛත්‍රීපාල මහතා ඔහු ඇමැති ධූරයට කිසිඳු කැමැත්තක් නොමැති බව ද සඳහන් කළේය.

විජයදාස රාජපක්‍ෂ මහතාට නිදහස් පක්‍ෂයේ සම්පූර්ණ සහයෝගය දෙන බව ද ඒ මහතා පැවැසීය. විජයදාස රාජපක්ෂ මහතාට පක්ෂයේ වැඩි පිරිසකගේ කැමැත්ත ඇති බවත් තමන් එක වරක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අතරම එම අවස්ථාවේදී දිවුරුම් දෙන අවස්ථාවේදී නැවත ඉදිරිපත් නොවන්නේයැයි ප්‍රකාශ කළ බවත් සිරිසේන මහතා කීය.



අදහස් (27)

නිදහස් පක්ෂයේ ජනපති අපේක්ෂක විජයදාස

ඩීල් දාස Wednesday, 01 May 2024 12:20 PM

මෙයා ජනපති අපේක්ෂකත්වය අරයට විකුණලා. එයා වෙන එකෙක්ගේ සල්ලි ඩීල් එකකින් අපේක්ෂකත්වය අරන්. අන්තිමට දෙන්නම දිනුම්.

:       15       62

SISILWednesday, 01 May 2024 08:02 PM

විජයදාස රාජපක්ෂ කිසිවකු සමග ඩීල් දමා නැත. ජනාධිපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත්කර ගතයුතුයි. ඔහු ප්‍රතිපත්තියක් තිබෙන දේශපාලකයෙක්...!

:       59       48

අරවින්ද මොනරවිල Thursday, 02 May 2024 11:38 AM

අනිවාර්යයෙන්ම, ඔහුගේ ප්‍රතිපත්තිය එහාට මෙහාට පනින එකය. හැබැයි එයා අනිත් අය වගේ නොවෙයි, චන්දය ලංවෙන තුර ඉන්නේ නැහැ කලින්ම පැනලා ඩීල් එකක් දාගන්නවා.

:       0       1

Rifan Wednesday, 01 May 2024 12:34 PM

“ගෝඨා“ තිර කතාවේ දෙවන අදියර ඉදිරිපත් කිරීම. මේ මෛත්‍රීට නම් ගුලි කැවිලා ද කොහේදෝ.

:       21       69

ජයනාත් Wednesday, 01 May 2024 12:43 PM

පව් ... ඒ මිනිහගේ ආත්ම ගෞරවයත් විනාශ කරන්න හදන්නේ.

:       8       37

ගමේ එකාලා Wednesday, 01 May 2024 01:28 PM

රාජපක්ෂ කියන නම ඇහෙන කොටත් හරිම පිළිකුල් ?

:       25       54

Bishan Wednesday, 01 May 2024 01:37 PM

ඕන කෙනෙක් ඉදිරිපත් කරන්න. මොකද අපිට අදාලම නෑ.

:       13       37

fairoos Wednesday, 01 May 2024 02:40 PM

ජයවේවා...!

:       27       4

Vithana Wednesday, 01 May 2024 03:57 PM

පිස්සෙක් කතා කරයි.

:       0       35

සෙනෙවිරත්න Wednesday, 01 May 2024 04:43 PM

විජේදාස ඕක අන්තිම මොහොතේ රනිල්ට පාවා දෙනවා, මෛත්‍රීපාල දැනුවත්වම, මොනව කරත් මාලිමාවේ ජය වළක්වන්න කාටවත් බැහැ...

:       39       41

චේතනා Wednesday, 01 May 2024 06:26 PM

ලංකාවේ මන්ද බුද්ධිකලා හිටියොත් මාලිමාව ජයග්‍රහණය කරාවි එහෙම කියන්නේ මොකද කිව්වොත් ජෙප්පෝ 1968 පමණ කාලයේ සිටම රටට කළේම විනාශ කිරීම පමණයි.. නුවණැත්තෝ සක්සුදක්සේ ඒවා දන්නවා කොටිනායක ප්‍රභාකරන් කිව්වේ සිංහල මිනිසුන්ට යමක් මතකයේ තියෙන්නේ දවස් හතයි කියලා.. ලංකාව ආක්‍රමණය කරපු විදේශිකයින් කිව්වේ සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියලා තමයි. ඔය ක්‍රම දෙකේම මිනිස්සු හැර කිසිම කෙනෙක් මාලිමාව ජයග්‍රහණය කරන්න උදව්වක් කරන්නේ නැහැ....

:       80       59

අරවින්ද මොනරවිල Thursday, 02 May 2024 11:32 AM

ලංකාවේ චේතනාලා වගේ අධි බුද්ධිමතුන්ගේ උපදෙස් අපි වගේ මන්ද බද්ධිකලා පිලි අරගෙන චන්දය දූන්න නිසා තමයි රට බංකොලොත්වෙලා ලොකෙන් ගත්ත ණය ගෙවා ගන්නත් බැරි අලුතෙන් ණයක් ගන්න බැරි තත්ත්වයට රට පත් උනේ. ඒ නිසා රටේ සීයට හැත්තෑවකට ආසන්න මන්ද බද්ධිකලා තීරණය කරලා තියෙන්නේ මාලිමාවට චන්දය දෙන්න. ඒක වෙනස් කරන්න අසාර්ථක උත්සාහයක යෙදෙන්න එපා. අවුරුදු පහක් බලාගෙන ඉන්න, එතකොට ඔයාගේ බුද්ධියේ තරම වැටහේවි.

:       0       1

සාලිය​ Wednesday, 01 May 2024 05:31 PM

ඩීල්දාසට ලැජ්ජාවක් නැහැ. හිටන්...!

:       1       40

Prabha Wednesday, 01 May 2024 05:54 PM

හිරේ නොයන්න නොකරන දෙයක් නෑ වගේ...!

:       4       28

ajith Wednesday, 01 May 2024 05:57 PM

ඉතින් අපිට පාන්ද?

:       4       23

Kumara Wednesday, 01 May 2024 05:59 PM

ඉල්ලන්නකෝ ඡන්ද දහයක්වත් ලැබෙයිද බලන්න... මිදි තිත්තයි කියලා කියපු නරියා මතක් වෙනවා...!

:       3       23

නිහාල් Wednesday, 01 May 2024 06:25 PM

ඔයා නිකමටවත් ඡන්දයක් හම්බවෙන මිනිස්සුද? ඊට වඩා ඡන්ද ගනියි බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ...!

:       4       28

gunarathna Wednesday, 01 May 2024 08:15 PM

විජේදාසට වෙන්නෙත් ඩලස්ට වුණු දේම තමයි... අන්තිමට අල්ලපු අත්තත් නෑ. පයගහපු අත්තත් නැහැ.

:       2       21

wije Wednesday, 01 May 2024 09:56 PM

හම්බවෙයි ලොකුවයින්

:       0       2

Rata Perata Wednesday, 01 May 2024 10:25 PM

මේවා ඔක්කොම බොරු සංදර්ශන ,විජේදාස තවම අධිකරණ ඇමති හැටියට ඉන්නවා.මේවා රනිල් රාජපක්ෂලාගේ ප්ලෑන් ,අන්තිමට මේ ඩීල් කාරයෝ ඔක්කොම එකතුවෙනවා

:       0       3

සෙනෙවිරත්න Thursday, 02 May 2024 05:35 AM

ඉතින් චේතනා, ඔය කියන විදියට මාලිමාව දිනනව, ඔබ කියන අය රටෙත් ලෝකෙත් වැඩියි. තමුන්නැහැලා වගේ පරණ වෛර කොන්තර හිතේ තියාගෙන ඉන්නෙ නැහැ. රටේ දියුණුවට එකම බාදකය 2500 ඉතිහාසය , ජාතිය ආගම කරේ ගහගෙන ඉන්න ඔයාල වගේ අය.

:       0       3

රදලියද්දේ විජේපාල Thursday, 02 May 2024 08:47 AM

කවුරු නැටුවත් මීළඟ අවුරුදු පහත් ජනපති රනිල්ම තමයි. විය යුත්තේ ද එයයි.

:       7       2

අරවින්ද මොනරවිල Thursday, 02 May 2024 11:34 AM

අපේ සහ රටේ ලොකු අවාසනාවක් තිබුණෙත් !

:       0       1

අරවින්ද මොනරවිල Thursday, 02 May 2024 09:04 AM

මේක විජේදාස මෛත්‍රී එක්ක එකතුවෙලා ගහන ගේමක්, 20019 ශ්‍රිලනිප ඡන්ද කූට්ටිය මෛත්‍රී රාජපක්ෂලට වික්කා, දැන් ඒ චන්ද කුට්ටිය රනිල්ට විකුණන්න ලැහැස්ති වෙන බවක් තමයි පෙනෙන්නේ. ඒක මිනිහට කර ගන්න බැරිවුණා, පක්ෂ සභාපතිකම උසාවියෙන් තහනම් කෙරුව නිසා, දැන් ඒ වැඩේ පහසුවෙන් කරගන්න ගැලපෙන එකා රනිල් එව්වා, ඒ තමයි ඩීල්දාස.

:       0       4

Siri Thursday, 02 May 2024 10:09 AM

අයියෝ සිරිසේන

:       0       2

sena Thursday, 02 May 2024 10:32 AM

විජයදාස පැරදෙන බව එයත් දන්නවා හිටනුත් දන්නවා. මෙතනදි විජයදාස ට තමන්ගෙ කියලා පක්ෂයක් ඕනෙ, හිටන්ට ඊලගට එන ඕනම ආණ්ඩුවක් එක්ක ඩීල් එකක් දාලා තමන්ව නඩුවලින් බේරලා දෙන්න කෙනෙක් ඕනේ.ඒකයි මෙතන තියෙන ගනු දෙනුව.

:       0       2

Saman Dissanayake Thursday, 02 May 2024 03:47 PM

හොද උගතෙක්. වැඩක් කරපු කෙනෙක්. පොත් විශාල සංඛ්‍යාවක් ලියපු කෙනෙක්. අත්දෑකිම් බහුල කෙනෙක්. අපි දෙමු. ගොඩගනී රට.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යුක්රේන යුද්ධයට දේශපාලන විසඳුමක් ඕනෑ
2024 මැයි මස 17 24 0

යුක්රේනය යුද්ධය නවත්වා, දේශපාලන විසඳුමකට යන්නැයි චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලීමක් කළේය. ඒ, චීනයේ දෙදින නිල ස


කෝටි 5ක ජංගම දුරකතන ගුවන්තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 මැයි මස 17 174 1

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර , තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් කෝටි පහක් පමණ වටිනා නවීන ජංගම දුරකථන තොගයක් සහ පෙ


‘නොවිය යතු දෙයක් මා අතින් වුණා‘
2024 මැයි මස 17 888 11

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එදා ’’ තමන් අතින් නොවියුතු දෙයක් සිදු වු බව ’’ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණව


අඹදන්ඩේගම නායයෑමෙන් පිටවෙලපතන මාර්ගයට හානි
2024 මැයි මස 17 195 0

බණ්ඩාරවෙල අඹදන්ඩේගම ප්‍රදේශයේ අද (17) අලුයම සිදු වූ නායයාමකින් අඹදන්ඩේගම පිටවෙලපතන මාර්ගය ට හානි වී නිවසකට අලාභ හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස


එල්.පී.එල්. වෙන්දේසියට කෝටි 75 ක් රැගෙන එති
2024 මැයි මස 17 430 0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ (2024) මෙවර ක්‍රීඩක වෙන්දේසියේ කණ්ඩායම් හිමිකරුවන් ඇමරිකානු


හිටපු යුද හමුදාපති සජබට එක්වෙයි
2024 මැයි මස 17 445 3

හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 747 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2285 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1964 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site