(සුජිත් හේවාජුලිගේ)
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කළ යුතු යුතු බවට ඉදිරිපත් කෙරුණු යෝජනාවක් එම පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඊයේ (25) ඒකමතිකව සම්මතවී ඇත.
කෙසේ වෙතත් මෙම රැස්වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායක ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ඒ මහතාගේ පුත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහත්වරුන්ට ආරාධනා කර නොතිබීම විශේෂත්වයකි.
මෙම රැස්වීමට පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, නාලක බණ්ඩාර කෝට්ටේ ගොඩ, ඉන්දික අනුරුද්ධ , ජානක තිස්ස කුට්ටිආරච්චි රෝහණ දිසානායක යන මන්ත්‍රීවරුන්, මාතලේ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික සහ ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ද සහභාගිවූහ.
නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස පත් කළ යුතු යැයි කෙරුණු යෝජනාවට පළාත් පාලන ආයතන නියෝජිතයන් සියලු දෙනා එහිදී ඒකමතිකව අනුමත කර ඇතැයිද දැනගන්නට ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය පාවිච්චි කිරීමෙන් ඉදිරි මැතිවරණවලදී සැලකිය යුතු ජයග්‍රහණවලට යා හැකි බව රැස්ව සිටි බොහෝ දෙනාගේ අදහසවී ඇත.
මෙම රැස්වීම පැවැත්වුණේ මාතලේ හෝටලයකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට හෝටලේක පැවැත්තුවේ. එළියේ තිබ්බා නම් නුවරදී වුණා වගේ බලාගන්න තිබ්බා එන සෙනඟ... මේ ගොල්ලෝ සේරම දැන් අවලංගු කාසි තරමට පල්ලම් බැහලයි ඉන්නේ...!
]බේබි ඕවට අහුවෙන්න එපා... ඔය ඔක්කොම ඉස්සුවේ එක අතයි, මං හිටියා නම් අත් දෙකයි, කකුල් දෙකයි, සබ්බ සකලමනාවම උස්සනවා, සහතිකයි බේබි...!
මේ හෙඩිම දැකලා ඔක්කාරෙටත් ආවා.........
දේශපාලුවන්ට කඩේ යන එක නවත්වනකම් ,මේ රට හදන්න බැහැ
දාන්න කෙනෙක් නැති එකේ මේ වගේ හැලපයෙක් තමයි දාන්න වෙන්නේ.
ආයිත් කට්ටියට බේරේ වැවේ නායිද මංදා.
මාතලේ පැත්තට වැහි නැතිව හෙන ගහන්න පටන්ගන්නවා නියතයි... පාරම්පරික වහල් මානසිකත්වය ඇති නිවටයින් ඉන්න පළාත් හඳුනා ගන්න අලුත්ම ක්‍රමය...
ඒ කියන්නේ මාතලෙත් ඉන්නවද පුත්තලමේ අය...!
මගේ ගම මාතලේ මේ වගේ අපතයෝ මාතලේ ඉන්නවා කියලා කියන්නත් ලැජ්ජයි රට තණකොළ කන සෙට් එකක් මාතලේ ඉන්න බව පේනවා...
ලංකාවේ තවමත් රාජාණ්ඩුවක් තියෙනවද කියලා අහන්න ඕනෑ මොකද කුණුවෙච්චි පොහොට්ටුවේ දීර්ඝ කාලයක් පළපුරුදු, උගතුන්, බුද්ධිමතුන් සිටිද්දී (මම එහෙම හිතුවාට එහෙම කවුරුවත් පොහොට්ටුවේ නැතුව ඇති) හොරෙන් විභාග පාස්වුණු කෙනෙක් ජනාධිපති කරන්න යෝජනා කළේ ඇත්තටම පක්ෂයේ දරදිය අදින එවුන්ට මොංගල්ද කියලා හිතෙනවා.
වල් වහල් මෝඩ හැත්ත ඔබලාව විශ්වාස කළාට ඔබලාගේ හෘදශාක්ෂිය සහ දෙවියන් දන්නවා සත්‍යය. අනිවාර්යයෙන් කර්මය පඩිසන් දෙනවාමයි... කල කල දේ පලපල දේ...!
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා!
මහින්දගේ ප්‍රතිරූපයට අධිකරණය මගින් පහරක් වැදුණා කියලා හිතෙනවා. එහෙනම් ඔහුට සහාය දීම අධිකරණයට අපහාසයක් වෙන්න බැරිද?
පුතා යන්නේ පියාගේ අඩිපාරෙ කියලා අප්පා කියනවා. ඇත්තටම එහෙම වෙන්න ඕනෑ. නැත්නම් ඉතින් නොට්ටිගෙ පුතා වෙනවානේ. දැන් බලන්න සුනාමි ආධාර ලැබීමේ සිට ජනතා මුදල් කොපමණ ප්‍රමාණයක් අප්පා ගසාගෙන කෑවාද? අධිකරණ තීන්දුව කියන්නේ මොකක්ද? එහෙනම් මේ පුතා නොට්ටිගේ පුතෙක් නොවෙයි කියලා හිතනවා නම් ඔහුට ඡන්දය පාවිච්චි කළ යුතුද කියලා රටට ආදරයක් තියෙන නුවණැත්තෝ සිතත්වා...
මාතලේ ඉන්න බයියන්ට මොලේ තියෙන්නේ පිටිපස්සේ වගේ...!