IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


නාන කාමරයේ වැටුණු සරසවි සිසුවිය මරුට

(ෂේන් සෙනෙවිරත්න)

ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා පීඨයේ තෙවැනි වසරේ ශිෂ්‍යාවක නිවසේ නාන කාමරය තුළ ඇද වැටී බරපතල තුවාල මහනුවර ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

එසේ මියගොස් ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ ශිෂ්‍යාවක වූ මහනුවර හන්දෙස්ස ප්‍රදේශයේ පදිංචි එච්.එම්.එල්.ඩී. ජයතිලක නැමැති 24 හැවිරිදි තරුණියකි.

ඇය එම විශ්ව විද්‍යාලයෙන් නිවාඩු ලබා දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත විභාගයක් සඳහා පාඩම් කරමින් සිටියදී එම අනතුරට මුහුණ දී තිබේ.

නාන කාමරයේ ඇද වැටීමෙන් ඇයගේ හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙසේ මිය ගොස් ඇති අතර ගලහා පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

 



අදහස් (2)

නාන කාමරයේ වැටුණු සරසවි සිසුවිය මරුට

Bunny Preena Monday, 10 November 2025 09:16 AM

බොහෝම කණගාටුදායක මරණයක්. නාන කාමර තෙත බරිතව තිබෙන කොට ලිස්සන ගතිය වැඩියි . යම් කෙනෙකු පාවිච්චි කළාට පසු අනිවාරයෙන්ම වතුර මතුපිට නොරැඳෙන විදියට මොප් එකක් හෝ රබර් බ්ලේඩ් එකක් භාවිතා කර වතුර ඉවත් කළ යුතුයි. එයින් මෙවැනි බොහෝ අවසානවන්ත මරණ සහ අනතුරු වලක්වා ගැනීමට හැකි වේ.

:       0       3

MD Monday, 10 November 2025 10:10 AM

නිවන් සුව අත්වේවා.අද දරුවන් කිසිම සිහියක් නැතිව තමයි වැඩ කරන්නේ.ෆෝන් ඵක නොගෙනියන තැනක් නැති තරමටම බයට ඇබ්බැහි වෙලා.විශේෂයෙන්ම ගැහැණු දරුවන් විලාසිතාවක් විදියටත් ඵය යොදාගන්නවා.අවසානයේ කරන්න යන දේත් අමතකයි.ඉතින් ඵහි අනිසි විපාක සාපය දෙමාපියන්ට දරන්න වෙනවා.අවුරුදු 24ක් ගැහැනු දරුවෙක් නඩත්තු කරන්න කොච්චර වෙහෙසක් ගන්නවද ජීවිතය කැපකරනවද?මේවා දැකලා අහලවත් දෙමාපියන්ට පව් නොදී සිහියෙන් ජීවත් වෙන්න.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site