IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නෙළුව රෝහලේ රෝගීන් ගුවනින් උඩුගම රෝහලට

( ඩී.ජී.සුගතපාල)

නෙළුව රෝහලට  ඇතුළුවන සියලුම මාර්ග මේ වනවිට ජලයෙන් යටවිමෙන් එම රෝහලේ සිටින සියලුම ගැබිනි මව්වරුන් සහ හදිසි රෝගින්  ගුවන් මගින් උඩුගම  රෝහල ට මාරු කිරිමට පියවර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි අමිල චන්ද්‍රසිරි මහතා පැවසිය.

මේ වනවිට උඩුගම  රෝහලටද ගිලන් රථ යාමට නොහැකි නිසා  මව්වරුන් සහ රෝගින් හෙලිකොප්ටර් යොදා ගුවනින් ගෙන ඒමට කටයුතු කරන බවද ඒ මහතා පැවසිය.

මේ අතර ගාල්ල වැඩ බලන දිස්ත්‍රික් ල්කම් චමි රාජකරුණා මහත්මිය පැවසුවේ අධික වැසි සමග ගිංගඟ පිටාර ගැලිම නිසා තවලම ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනකු අතුරුදහන්ව ඇති බවයි.

තවලම,නෙළුව, උඩුගම,හිනිදුම ආදි ප්‍රදේශවල පිඩාවට පත් ජනතාව බේරා ගැනිමට යුධ හමුදාවේ සහ .නාවික හමුදාවේ සහන සේවා කණ්ඩායම් බෝට්ටු සහ ආරක්ෂිත උපකරණද සමග ඊයේ එම ප්‍රදේශවලට පිටත්කර යැවු බවද ඒ මහත්මිය පැවසුවාය.

 ඒ අනුව සහන සේවා කණ්ඩායම් ගංවතුරෙන් යටවු ප්‍රදේශවලට ගොස් පිඩාවට පත්වු පිරිස් මුදා ගෙන ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට පියවර ගන්නා ලදි.

 



අදහස් (0)

නෙළුව රෝහලේ රෝගීන් ගුවනින් උඩුගම රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site