IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නළුවෝ දෙන්නෙක් ඉතාලියේ

නත්තල් සමයේ ඉතාලියේ ශ්‍රි ලාංකිකයින් මුණගැසිම සදහා ජනප්‍රිය කලාකරුවන් දෙදෙනෙකු මිලානෝ නගරයට පැමිණ සිටිති.

මිලානෝ නගරයේ සිට ලංකාදීප එසෑණ හා සම්බන්ධ වු කුමාර තිරිමාදුර හා ගිහාන් ප්‍රනාන්දු අප හා කතා කළහ.

වැඩිපුරම මැති ඇමතිවරු පයගහන බිමකට පැමිණි කලා කරුවන්  වන ඔබ දෙපලට ශ්‍රි ලාංකිකයින්ගේ පිළිගැනිම කොහොමද? ඇත්තෙන්ම හොද ජනතා පිලිගැනිමක් තියෙනවා. රෝමයේ පෞඩ ඉතිහාසය අධ්‍යන කරන්න දැකබලා ගන්න කවුරුත් ආසයි. නමුත් දැන් ඉතාලිය දෙශපාලන වශයෙන් හා ආර්ථික වශයෙන් කඩාවැටිමකට ලක්වෙලා.

ඔය එන අපේ මෑති ඈමතිවරුන් ආසයි කඩාවෑටෙන දේ දෑක ගන්න ඒවා ඉගෙන ගන්න.අනික දෙශපාලකයින් කියන්නේ බොහෝ විට ජනතාව අසහනයට පත් කරන ජනතාවගේ හිත් රිදවන අඬවන ප්‍රේෂර් වෑඩි කරන පිරිසක්.

කලා කරුවන් කියන්නේ ජනතාවගේ හිත් සනසන ඔවුන්ව සතුටු කරන ඔවුන් වෙනුවෙන් ජිවත් වෙන කොටසක්. කලා කරුවන් කියන්නේ ඒ වගේ සංවේදි පිරිසක්. මටයි ගිහාන්ටයි විතරක් ආවේනික වෙනමම වෑඩසටහනක් තියෙනවා. නාට්‍ය හා ගී ගායනයයි ඒ.

 අන්න ඒ පැය තුනේ වෑඩසටහනත් සමගින් අපි ආවේ ඉතාලියේ ඉන්න අපේ අය සතුටු කරන්නයි.  ගිහාන් ප්‍රනාන්දු,  මිලානෝ නගරයේ උමන් දුම්රියක නැගලා එක නැවතුමකින් තව නැවතුමකට යනකොට අපේ අය තුන් හතර දෙනෙක් හම්බ වෙනවා.

ඒ හෑමෝම දෙපාරක් හෑරිලා අපි දිහා බලලා අපිත් එක්ක හිනා වෙන්නේ කලාකරුවන් විදියට ඔවුන්ගේ හදවත් තුල අපි ඉන්න නිසයි. රටට රට සල්ලි ගෙනියන්නේ මෑදපෙරදිග හා ඉතාලිය වෑනි රටවලිනුයි.

අන්න ඒ රටවල ඉතා වෙහෙස මහන්සි වි වෑඩකරන අපෙ අය පෑය කිහිපයකට හෝ සතුටු කරන්න පුලුවන්නම් අපි ලබන ලොකු ජයග්‍රහණයක් ඒක. අපිත් එක්ක කතා කරන්න කවුරු හරි කෑමති නම් අපේ දුරකථන අංකය ඒ අයට ලබාඅ දෙන්න. 3249047180, දර්ශන විමසිම් සදහා තුසිත කොඩිකාර 3806317719

කුමාර තිරිමාදුර හා ගිහාන් ප්‍රනාන්දු සහභාගි වන ප්‍රසංග කිහිපයක් මීලානෝ කටානියා හා මෝදනා පැවැත්විමට නියමිතය. 28 වැනිදා මිලානෝ දොන් බොස්කෝ ශාලාවේදි හා 26 වැනිදා කටානියා හා 29 වැනිදා මෝදනා නගරයන් හීදී එම ප්‍රසංග පෑවෑත්වේ.



අදහස් (0)

නළුවෝ දෙන්නෙක් ඉතාලියේ

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 24 December 2013 02:26 PM

කුමාර අයියාට මිලානෝ උමන් දුම්රිය පොළකදී ලංකාවේ 'උඩැක්කි කෝලමක්' එහෙම හම්බවුනේ නැද්ද? මෙහෙ නම් ඉන්න තරමක් ඉන්නේ මේ අය තමයි.(නදී)

:       0       0

ඉන්දික මිලානෝ Monday, 23 December 2013 09:47 PM

මමත් සෙහන්ගෙ කතාව අනුමත කරනවා.මමත් මිලානො ඉන්න කෙනෙක්.මෙහෙ ඉන්න ගොඩක් අය තමන්ගෙ කම මනුස්ස කම අදුරන්නෙ නෑහෑ සල්ලි අතට එනකොට හැමදේම අමතක වෙනවා(දිල්)

:       0       0

ධම්ම Monday, 23 December 2013 10:50 PM

සල්ලි හොයපු මිනිස්සු ඊළඟට ආසා ප්‍රසිද්ධියටනේ. ඉතින් ප්‍රසිද්ධ මිනිස්සු යාලු කරගන්න එහෙම හැරිලා බලලා කතා කරනවා ඇති (අ)

:       0       0

උදය Tuesday, 24 December 2013 03:11 AM

.ඔයාල දෙන්නටම සුබ පතනවා.(අ)

:       0       0

කුමාරි Monday, 23 December 2013 10:49 AM

ඔබ දෙපලටම ජය වේවා!සැමට සුබ නත්තලක්!(දිල්)

:       0       0

ධම්ම Monday, 23 December 2013 11:05 AM

මා හිත් ගත් නළුවන් දෙදෙනෙක්. ඔබට සුබ නත්තලක් සමග සුබ අලුත් අවුරුද්දක්!(නදී)

:       0       0

සුමංගල-ඇල්පිටිය Monday, 23 December 2013 11:42 AM

කුමාර නම් මගේ යාලුවෙක්. ඒත් දෙන්නටම කියන්නේ ,ඉබ්බෝ ,කැස්බෝ,දිහා බලන්නේ නැ. උන්ගෙන් කළා කාරයන්ට අපලයි මේ දවස්වල.(නදී)

:       0       0

සෙහාන් අමරසිංහ, රෝමය Monday, 23 December 2013 11:48 AM

පුදුමයි මිලාන් වල ඉන්න අය මෙට්‍රෝ එකේ හරි පාරේ හරි යනකොට බලලා කතා කලා කිව්වොත්. එහේ ඉන්න අය ලංකාවේ කෙනෙක් දිහා බලන්නේවත් නැහැ. (නදී)

:       0       0

රොෂාන් ජයමාන්න මිලානෝ Tuesday, 24 December 2013 02:08 PM

තිරිමාදුර සහ ගිහාන් සමග සොඳුරු සැන්දෑවක් සුනිල් අයියාගේ ලකී සෙවන් ක්ලබ් රෙස්ටෝරන්ට් එකේ පැවැත්වෙනවා. ගී ගයන්න කැමති හිතවතුන් සහ මිතුරන් විස්තර සොයාගෙන පැමිණෙන්න. (නදී)

:       0       0

පාතිමා Monday, 23 December 2013 09:01 PM

මොනවා උනත් ඇත්තටම නළුවෝ දෙදෙනෙක් තෝරාගෙන ආරාධනා කරලා තිබීම සතුටක්.(නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 23 December 2013 09:05 PM

මිලානෝ වල ඉන්න ගොඩ දෙනෙක් ආපහු හැරිලා ලංකාවේ කෙනෙක් සමග කතා කරනවා කියන එකත් පුදුමයක්. ඔවුන් ගොඩ දෙනෙක් හරිම අහංකාරයි. අප්‍රමාණව මුදල් හම්බ කිරීම නිසාම ඇතිවුන දෙයක් වෙන්න ඇති මේක. මිලානෝ වල සමහර අයට ලන්ඩනයේද දැන් ගෙවල් තිබෙනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site