IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නෙළුම් පොකුණ තවත් ලස්සන වෙයි

සම්ප්‍රදායික සුදු ජාතික ඇඳුමෙන් හා කුරහන් සාටකයෙන් සැරසී, ශිරන්ති රාජපක්ෂ ආර්යාව ද සමග මහින්ද රාජපක්ෂ ජනපති අද පෙරවරු 9.15ට නෙළුම් පොකුණට පිවිසි අවස්ථාවේ දි මු ජයරත්න අගමැති විසින් පිළිගැනිණි.

පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේශ් ෂර්මා ඊළඟට පැමිණියේය.

විදේශ නායකයෝ ද පිළිවෙළින් එන්නට වූහ. රතුපලස මත දී ජනපති ඔවුන් පිළිගත්තේය.

නෙළුම් මලක හැඩය ගත් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 53 ක කොඩි වලින් සරසා තිබිණි.

ශ්‍රී ලංකාවේ කලාව, සංස්කෘතිය හා දේශීය උරුමය විදහා දක්වන අංගෝපාංගවලින් රඟහල පෙදෙස මනස්කාන්ත විය.

සෞම්‍ය කාලගුණයක් ද පැවතියේය.

සියලු ආරාධිතයන් පැමිණි පසු පෙරවරු 10.15ට පමණ සමුළුව විවෘත වීමට නියමිතය.



අදහස් (0)

නෙළුම් පොකුණ තවත් ලස්සන වෙයි

ගැමා Friday, 15 November 2013 01:39 PM

ෆොටෝ බල බල බඩගින්නේ හිටපල්ලා.(නදී)

:       0       1

සම් Friday, 15 November 2013 01:47 PM

හරිම ආඩම්බරයි. අපටත් විවේචන නැතිව නොවේ. රටක් ජාතියක් වෙනුවෙන් ඉත සිතින්ම සුබ පතනවා. දැවැන්ත යුද්ධයක් සංවිධානය කර ජයගත් අපට මෙවන් කුඩා රැස්වීමක් සංවිධානය කිරීම කජ්ජක්ද? අපගේ සංවිධාන ශක්තිය ලොව හමුවේ ප්‍රදර්ශනය කිරීමක් නොවේද මේ. සහය දැක් වූ සෑම සියලු දෙනාට අපේ උපහාරය. (ස)

:       0       0

කුමාරි Friday, 15 November 2013 09:33 AM

අනේ ඒ ලස්සන අපටත් පෙන්වන්න පොටෝ දමන්න. (ස)

:       0       0

ශාන්ත Friday, 15 November 2013 09:38 AM

ඡායාරූප ටිකක් දැම්මා නම් නේද හොඳ ? බලන්න යන්න දෙන්නෙත් නැහැනේ (නි)

:       0       0

චන්දි Friday, 15 November 2013 10:04 AM

ටිකක් ඉවසල ඉන්නකෝ .., අපේ සතුට වෙනුවෙන් ලංකාදීපේ කටයුතු කරනවා. පොටෝ බලා ගන්න පුළුවන් වෙයි. (ස)

:       0       0

ජනිත දිසානායක Friday, 15 November 2013 10:06 AM

කියන්නට දෙයක් නැත.කුමන මත වාද තිබුනද හදවතින්ම සුබ පතමු.අපේ රටට ජය.(දී)

:       0       0

පෙත්තා Friday, 15 November 2013 10:13 AM

ජයවේ! ජයවේ! ලංකා..දිනේ !..දිනේ..ලංකා..ජයවේ ලංකා...මේ අපේ උදාරවූ මාතෘ භූමියයි අපේ... (ස)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 16 November 2013 10:03 AM

ගැමා,ෆොටෝ බල බලා බඩගින්නේ ඉන්නකෝ (නි)

:       0       0

අජිත් Friday, 15 November 2013 10:16 AM

ප්‍රසංශනීයයි. හරිම ආඩම්බරයි. (ස)

:       0       0

සිරෝ Friday, 15 November 2013 10:27 AM

උදාර වූ මාතෘ භූමියට ජය වේවා, ජය වේවා. ජය වේවා........... (ස)

:       0       0

ප්‍රබෝධ Friday, 15 November 2013 10:29 AM

ඔව්.අපිට යන්න බැරි එකේ ෆොටෝවත් දාන්න කෝ. (ස)

:       0       0

චන්දි වික්‍ Friday, 15 November 2013 10:36 AM

හරි සතුටුයි ආඩම්බරයි. මේ අපේ රටනේ. කරුණාකර ඡායා රූප ඇතුලත් කරන්න. (ස)

:       0       2

ලංකා Friday, 15 November 2013 10:42 AM

කෝ අනේ ෆොටෝ එකක්වත් නැද්ද? (ස)

:       0       0

උද්දික Friday, 15 November 2013 02:57 PM

බඩු මිළ අඩු වෙනකොට ඒ ගැන කතා කරන්නේ නැත්තේ මොකද දන්නේ නැහැ. බඩුමිල අඩු වෙනවා වැඩි වෙනවා. බඩ ගැන හිතන්න එපා.(නදී)

:       0       0

ජගත් Friday, 15 November 2013 10:54 AM

ලබන සුමානේ ඉඳන් බඩු මිල ඉහල යනකොට හරි සතුටුයි.. (ස)

:       0       0

අබරන් Friday, 15 November 2013 10:57 AM

කුමාරි, ලංකා ඉවසලා ඉන්න පොඩ්ඩක් ෆොටෝ දානකම්. (ස)

:       0       0

ජාතික පෙරේරා Friday, 15 November 2013 11:00 AM

රටට ආදරේ හැමෝගෙම ප්‍රතිචාර අතරේ එක මෝඩයෙකුත් තප්පුලනවා පේනවා. (ස)

:       0       0

පෙරේරා අංක එක Friday, 15 November 2013 11:10 AM

කරුණා කරලා මෝඩයන්ට බනින්න එපා. මෝඩයා තණ කොළ පුන්නක්කු කන්නේ නෑ. උම්බෑ...උම්බෑ...උම්බෑ කියන එක නොකිය හිටියා නම්? (ස)

:       0       0

ජගත් Friday, 15 November 2013 11:16 AM

මෝඩයන් වැඩි නිසානේ මේ කට්ටිය මේවා කරන්නේ. (ස)

:       0       1

නදීෂ Friday, 15 November 2013 11:18 AM

ඒක නම් ඇත්ත. (ස)

:       0       1

ක්‍රිෂාන්ත සයිප්‍රස් Friday, 15 November 2013 11:23 AM

ඇත්තු නටන කොට අලි ඔරවනවා කියන්නේ ඕකටනේ ඉරිසියාව...ඕක ඉරිසියාව.ලංකාව දිනේවා !!!! (ස)

:       0       0

ජගත් Friday, 15 November 2013 03:19 PM

මේවට ගත්ත නය ගෙවන්නේ කව්ද දන්නේ නැහැ.(නදී).

:       0       0

මෙන්ඩිස් Friday, 15 November 2013 11:32 AM

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. (ස)

:       0       0

ප්‍රභාත් Friday, 15 November 2013 03:29 PM

වෙන කවුද ජගත් අපිම ගෙවන්නම්.මොකද මීට කලින් නායකයින්ගෙ කාලේ ගත්ත ණය ගෙව්වේ එයාලය.එදත් ගෙව්වේ අපි අදත් ගෙවන්නේ අපි.මේකෙන් රටට හොඳක් වෙනව නම් ඔය ජරා කුහක ගති අයින් කරලා හොඳයි කියන්න පුරුදු වෙන්න. (ස)

:       0       0

සුලෝචනා Friday, 15 November 2013 11:41 AM

අපට හරිම ආඩම්බරයි.(නදී)

:       0       0

තුෂාර Saturday, 16 November 2013 01:45 AM

හැමදේකම වැරදි හොයන්න එපා (දී)

:       0       0

රත්නායක Saturday, 16 November 2013 01:45 AM

ආඩම්බරයි මහත්තයෝ (දී)

:       0       0

ධර්මසේන Saturday, 16 November 2013 01:45 AM

ඇත්තටම ආඩම්භාරයක් අපේ රටට (දී)

:       0       0

ධර්මේ Friday, 15 November 2013 12:09 PM

හොදම සංවිදානයක් තියෙනවා ... හරිම සතුටුයි. කව්රු මොනවා කිව්වත් හරිම ආඩම්බරයි.(නදී)

:       0       0

රන්ජනී Friday, 15 November 2013 04:37 PM

නෙලුම් පොකුණ රගහල දැක්ක පළමු වතාව,..පුදුම ලස්සනට හදල තියෙන්නේ....,සැලසුම් කිරීම හරිම වැදගත් (කුමාරි, ෆොටෝස් නැතුවට 'යුටියුබ්' වීඩියෝ 10 බලන්න පුළුවනි.) (ස)

:       0       0

අමිල - කටුනායක Friday, 15 November 2013 12:55 PM

සුභවාදීව බලන්න. (ස)

:       0       0

නිශි Friday, 15 November 2013 01:07 PM

ෆොටේ අවශ්‍යයි. (ස)

:       0       0

නිසංසලා Friday, 15 November 2013 01:09 PM

අනේ අපිට ෆොටෝ බලන්න තාම ආසයි.ගොඩාක් ෆොටෝ දාන්නකෝ.. (ස)

:       0       0

ප්‍රසන්න කුරුකුලරත්න Friday, 15 November 2013 01:27 PM

නෙලුම් පොකුණ රඟහල ලංකාවේ තිබීම ගැන ආඩම්බරයි. නමුත් වැදගත් දේ වැදගත් විදියට ප්‍රයෝජනයට ගැනීම ප්‍රවේසමෙන් කල යුත්තක්. (ස)

:       0       0

ජනිත් Saturday, 16 November 2013 07:38 AM

ආඩම්බරයි (නි)

:       0       0

ගැමා Friday, 15 November 2013 01:39 PM

බඩු මිල තව වැඩි උනාම කවුරුද මොඩය කියල තේරේවි. තවම බත් කන ගොන්නු ප්‍රමාණය වැඩියි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 636 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site