IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නිහාල් වෙදආරච්චි හෙට තෙක් රිමාන්ඩ්

(චන්ද්‍රසේන ගමගේ)

තංගල්ල කාල්ටන් නිවසට ගල් ප්‍රහාර ඒල්ල කිරීම සහ තංගල්ල බෙලිඅත්ත පාරේ පිහිටි කාල්ටන් පෙර පාසලේ පරිපාලන ගොඩනැගිල්ලට ඉකුත් මැයි 9 වැනි දා ගිනී තැබීම යන චෝදනා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී (ඒජාප) නිහාල් වෙදආරච්චි හෙට දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි තංගල්ල වැඩබලන මහෙස්ත්‍රාත් රංජිත් ගුණසේකර මහතා නියෝග කළේය.

තංගල්ල මුලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් නිහාල් වෙදආරච්චි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

තංගල්ල කාල්ටන් නිවසට ගල් ප්‍රහාර ඒල්ල කිරීම සහ තංගල්ල බෙලිඅත්ත පාරේ පිහිටි කාල්ටන් පෙරපාසැලේ පරිපාලන ගොඩනැගිල්ල ට ගිනී තැබීම යන චෝදනා වලට නිහාල් වෙදආරච්චි අත් අඩංගුවට ගෙන තිබුණි.

වැඩ බලන මහේස්ත්‍රාත් වරයා හමුවේ කරුණු දැක් වූ පොලීසිය ඉහත චෝදනාවලට ඇප ලබා දීමට විරුද්ධ නොවන බව පැවසීය.

ඒහෙත් සැකකරුට පොලීසිය විසින් ගොනුකොට තිබූ තුන් වැනි චෝදනාවට ඇප ලබා දීමට විරුද්ධ වන බව පොලීසිය අධිකරණයට දැන්වීය.

අත් අඩංගුවට ගැනීම සදහා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී පොලිස් රාජකාරියට බාධා කොට ඒ් අවස්ථාවේ ඒම ස්ථානයට පැමිණි අයකු සමාජ මාධ්‍ය හරහා එය සජීවී ලෙස  සමාජ ගත කිරීම නිසා පොලිස් රාජකාරිය අපකීර්තියට පත් කිරීමේ චෝදනා සැකකරුට ගොනු කර තිබුණි.



අදහස් (4)

නිහාල් වෙදආරච්චි හෙට තෙක් රිමාන්ඩ්

ajith Friday, 12 August 2022 02:17 AM

මෙවැනි පුද්ගලයන් නැවත එජාප දේශපාලනයට සම්බන්ධ කර නොගත යුතුවේ.

:       4       10

ලුම්බිණි Friday, 12 August 2022 05:22 AM

මතකනේ පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සහ පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තංගල්ල නගර සභාවේ හිටපු සභාපති රවිඳු වෙදආරච්චි. ඔක්කොම එක ජාතියේ කට්ටිය.

:       1       5

Bamunuarachchi Friday, 12 August 2022 06:59 AM

හුස්ම යනතුරු බෙල්ලෙන් එල්ලා තැබීමට නියම කරමි.

:       4       7

Nethush Gamage Friday, 12 August 2022 08:09 AM

එතකොට පක්ෂයේ කවුද ඉතුරුවෙන්නේ? මිනිස්සුන්ට තිස් තුන් වදදී ඒ මර ලතෝනි අහ අහ මස් කකා මධුවිත තොලගාපු රනිල් ලොක්කත් එතකොට එළියෙනේ.

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site