ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදේ තෙල් හා ස්වභාවික ගෑස් ගවේෂණ ටෙන්ඩරය ප්‍රංශයේ ටූටාල් සමාගමට දීමට යයි.
නැගෙනහිර මුහුදේ තෙල් ගවේෂණය කරන පළමු අවස්ථාව මෙයයි.
ඇමැති මණ්ඩලය මෙවන් තීරණයක් ගෙන ඇතැයි විදුලි බල හා බලශක්ති ලේකම් ඩී.එම්.එස්. බටගොඩ මහතා කියයි.
මේ අතර මන්නාරමේ ගෑස් හා තෙල් නිධි සෙවීමේ කාර්යයෙන් ඉන්දියාවේ කේන් සමාගම ඉවත් වීමත් සමග ටූටාල්, ෂෙල් හා එක්සන් මොබිල් සමාගම් ඉදිරිපත් වී සිටී. කෙරවළපිටිය හා කැලණිතිස්ස තාප බලාගාර වලින් විදුලිය නිපදවීම සඳහා ස්වභාවික ගෑස් යොදා ගැනීම රජයේ උත්සාහයයි.
2025 දෙසැම්බර් මස 18
178
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නැ‘හිර තෙල් සොයන්න ප්‍රංශෙන් එයි
ගයාන් Sunday, 26 July 2015 06:44 AM
තවත් නයිජීරියාවක් නොවේවා මගෙ මව් බිම..(නදී)
මනෝජ් විජේරත්න Sunday, 26 July 2015 07:40 AM
මේ වැඩෙන් ඉන්දියාව ඉවත් වීම මා දකින්නේ හොඳ ප්‍රවනතාවයක් විදිහට. (නදී)
ද සිල්වා Sunday, 26 July 2015 07:53 AM
බොරු (නදී)
අතුල Sunday, 26 July 2015 09:27 AM
මේ මහා සම්පත ඉක්මනින් අරගෙන එහි ප්‍රතිලාබ ජනතාවට ලබාදිය යුතුයි , ඒවගේම මුළුරටම මහා මුදල් කාපු උන්ගෙන් ඇරගෙන ඉක්මනින් ගෙවා දැමිය යුතුයි (බ)
තිලකසිරි Sunday, 26 July 2015 10:43 AM
හැම ඡන්දෙ කාලෙකම ලංකාවේ තෙල් මතුවෙනවා. ඒත් ඡන්දෙ ඉවර වුනාම ඒ තෙල් නැතිවෙනවා. ආපහු තෙල මතුවෙන්නෙ ඊලඟ ඡන්දෙදි. (බ)
විජේසුන්දර ප්‍රංශය Sunday, 26 July 2015 11:07 AM
මොවුන් මේ අපේ රටට ඇති ආදරයටද කියා මෙහි සිටින අප හොඳින් දනිමු. නැවත අපේ ධනය සහ ශ්‍රමය සූර කන්නට දෙනවාද කියා බුද්ධිමත් ඔබ තීරණය කළ යුතුය. (බ)
පෙරේරා Sunday, 26 July 2015 05:38 AM
කාලයක් මන්නාරම් බොක්කේ තෙල් තියෙනවා කියා කියා සද්ද දානවා, දැන් නැගෙනහිර තෙල් හොයන්න හදනවා, ලංකාවේ පොල් තෙල් ඇරෙන්ඩ වෙන තෙලක් නැහැයි කියල මෙයාලට තේරෙන්නේ නැද්ද? (නදී)
සල්ගාදු ප්‍රන්සය Sunday, 26 July 2015 11:49 AM
ලෝකයේ තෙල් නිධි පිළිබඳව මනා දැනුමක් , ප්‍රායෝගික දැනුමක් තිබෙන රටක් ප්‍රන්සය , ටෝටල් සහ එල්ෆ් වැනි සමාගම් මගින් අපේ රටෙත් තෙල් නිධි සොයා ගැනීම් සහ කැනීම් මොවුන්ගේ මාර්ගයෙන් කිරීම වාසි සහගත ක්‍රියාවක්. (ස)