
(අංජුල මහික වීරරත්න)
සමීක්ෂණ විද්‍යාත්මක නැතැයි ද නිහඬ බහුතරයේ හඬ නියෝජනය කළ හැකි දේශපාලන ව්‍යාපාරයකට එක්වන්නැයි ද එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
වාද විවාද කරමින් ඉන්නවා වෙනුවට වැඩපිළිවෙළ හා වැඩ කරන හැටි ගැන සාකච්ඡා කරන්න සූදානම් බවද රණවක මහතා කීය.
බංකොලොත් භාවයට පත් කරන ලද ජනතාවගේ දුක නිවන ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩපිළිවෙළ පදනම් කරගනිමින් ඒ සඳහා එකඟ වන පාර්ශවයන් සමග එක්ව නව ජනාධිපතිවරයෙක් , නව පාර්ලිමේන්තුවක් නව ජනරජයක් සඳහා තමන් සුදානම් බව ද පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජනරජ පෙරමුණේ ජාතික මහා සමුළුව අමතමින් රණවක මහතා මේ බව කීය.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, දොස්තර රාජිත සේනාරත්න, ඒ.එච්.එම්. ෆවුසි, සුසිල් ප්‍රේමජයන්ත, ලසන්ත අලගියවන්න, ඩලස් අලහප්පෙරුම, දුමින්ද දිසානායක, මහාචාර්ය චරිත හේරත්, මනෝ ගනේෂන් යන මහත්ම මහත්මීහූ ද එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිහඬ බහුතරයේ හඬ වෙනුවෙන් එක් වන්න