(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නියමිත ප්‍රමිතියට ගබඩා නොකිරීම නිසා පසුගිය වසර නවයේදී (2011සිට 2020 වසර දක්වා ) රුපියල් කෝටි 626 ක් වටිනා ඖෂධ තොගයක් නරක්වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා) පවසයි.
නරක්වී ඇතැයි හඳුනා ගන්නාවිට එම ඖෂධවලින් සියයට 99 ක් රෝගීන්ට ලබාදී අවසන්ව තිබූ බවද කෝපා කමිටුව නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
එම තත්වයෙන් අසමත් (quality fail) ඖෂධවල පිරිවැය සැපයුම්කරුවන්ගෙන් අය කර ගැනීමටද නොහැකිවී ඇතැයි සඳහන් කරන කෝපා කමිටුව සුරක්ෂිතතාවය සුරැකෙන පරිදි ඖෂධ ගබඩා කිරීම සඳහා පහසුකම් ඇති කිරීමේ වැඩපිළිවෙල හැකි ඉක්මනින් අවසන් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට නියෝග කර ඇත.
වෛද්‍ය සැපයීම් අංශයේ ගබඩාවල උෂ්ණත්වය නිසි ලෙස පවත්වා ගෙන ගොස් නොමැති බවත්, ඖෂධ වර්ග බොහොමයක් වෛද්‍ය සැපයීම්, මධ්‍යම ඖෂධ ගබඩාවේ හා රෝහල්වල කොරිඩෝවල තැන්පත් කර තිබී ඇති බවත් කෝපා කමිටු විමර්ශනවලදී තොරතුරු හෙළිවී ඇත.
මේ අතර, ඖෂධය ලැබුණු වහාම තත්වයෙන් අසමත් බව හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් පවතී නම් අලාභය සැපයුම්කරුවන්ගේ ඇපකරයෙන් අය කර ගැනීමට හැකි බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ඖෂධ 60ක තත්ත්ව පරීක්ෂාව සිදු කළ හැකි නම් මෙම තත්වය තරමක් දුරට හෝ මග හරවා ගත හැකි බවත් අමාත්‍යාංශ ලේකම්වරයා එම කමිටුව හමුවේ පෙන්වාදී ඇත.
තත්වයෙන් අසමත් ඖෂධ හෝ වෛද්‍ය සැපයුම් පිරිවැය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් අය කර ගැනීම වෙනුවට අදාළ සැපයුම්කරුවන්ගෙන් අය කර ගැනීමට කටයුතු කළ යුතු බවට කාරක සභාව අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර ඇත.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය (20) වැනිදා ඉදිරිපත් කරනුලැබූ අතර මේ තොරතුරු ඇතුළත් වන්නේ එම වාර්තාවේය.
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව2021.08.04 සිට 2021.11.19 දක්වා කාලයේදී කැඳවන ලද රාජ්‍ය ආයතන හතක සහ එක් විශේෂ විගණන වාර්තාවක විමර්ශන පිළිබඳ තොරතුරු මෙම වාර්තාවට ඇතුළත් වේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘නොසැලකිල්ලෙන් කෝටි 626 ක බෙහෙත් නරක් වෙලා‘
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 25 May 2022 07:48 AM
රට වැටී ඇති මේ අවස්ථාවේදී මෙවැනි පාඩු සිදුවේ නම් එය මොනතරම් වේදනාකාරී හා අවාසනාවන්ත තත්ත්වයක්ද?