IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


නව රසායනාගාරයක් හදන්න ඇමරිකාව එක්ක ගිවිසුමක්

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රතීතනය (Accreditation) සහිත රසායනාගාරයක් පිහිටුවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ STEMedical සහ ශ්‍රී ලංකාවේ Sri Lanka Institute of Biotechnology (SLIBTEC) ආයතන අතර අවබෝධතා ගිවිසුමක්  ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (15) අත්සන් තැබිණි.

පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශයෙහි (NIRDC) මඟපෙන්වීම යටතේ සිදු කෙරෙන ඩොලර් මිලියන 15ක් වන මෙම ආයෝජන ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුමට ඇමරිකා එක්සත් ජනපදයේ STEMedical ආයතනය වෙනුවෙන් එහි නිර්මාතෘ මහාචාර්ය හාන්ස් කීර්ස්ටෙඩ් (Prof. Hans Keirstead) මහතා සහ ශ්‍රී ලංකාවේ Sri Lanka Institute of Biotechnology (SLIBTEC) ආයතනය වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය සමිත හෙට්ටිගේ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අමාලි රණසිංහ යන මහත්ම මහත්මීහු අත්සන් තැබූහ.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, කෘෂි, රූපලාවණ්‍ය සහ ආයුර්වේද ඇතුළු බොහෝ ක්ෂේත්‍ර සඳහා මෙන්ම ආනයන සහ අපනයන ක්ෂේත්‍රයන්හි පරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රතීතනය සහිත රසායනාගාර ධාරිතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව කලක සිට පැවතුණි.

මෙම අවස්ථාවට එක් වූ විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා කීවෙි 2030 වන විට මෙරට  අපනයන ආදායම දෙගුණයක් කිරීම සඳහා වන රජයේ අරමුණ කරා යාමේදී මෙවන් ප්‍රතීතන පහසුකම් සහිත රසායනාගාර ව්‍යාපෘතියක් ඉතා වැදගත් බවයි.



අදහස් (3)

නව රසායනාගාරයක් හදන්න ඇමරිකාව එක්ක ගිවිසුමක්

AB Tuesday, 15 July 2025 04:34 PM

ලංකාවෙන් පිටව වෙනත් රටවල සිටිනා දක්ෂ ශ්‍රී ලාංකිකයන් ගෙන් රටට ප්‍රයෝජනවත් සේවයක් ලබාගැනීමට කටයුතු කලයුතුවේ. උගතුන් පැමිණීමට අකමැති එක ප්‍රධානතම හේතුවක් නම් ( මිට පෙර ඔවුන් චෝදනා කරමින් සිටියේ ) රජය නිලධාරීන් සහ දේශපාලකයන් ගේ බලපෑම් පවතින බවකි. එමනිසා දේශපාලන හෝ රාජ්‍ය නිලධාරීන්ගේ බලපෑම ( අයතා ගනුදෙනු සදහා හෝ වෙනත් කරනා සදහා ) හෝ අවශ්‍ය කරනා නිසි ආකාරයට නිසි වෙලාවට ප්‍රමිතියට සිදු නොකරන රජය සේවකයන් තීන්දු ගැනීම්වලදී සහය ලබනොදෙන්නේ නම් දක්ෂ නිර්මාණශීලි නිලධාරීන් එම තනතුරුවලට පත්විය යුතුවේ

:       4       12

රනේ Tuesday, 15 July 2025 04:35 PM

දේශපාලකයෙක් ගෑවෙන්නෙ නැතුව වැඩ කරන්න පුළුවන්? මේවා අරකුන් කොහොම ඉවසයිද?

:       4       13

Neel Tuesday, 15 July 2025 09:00 PM

මේක MOU එකක් විතරයි. වෙන්න මෙන්ම නොවෙන්නත් පුළුවන්. Show off එකක් වගේ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 222 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 761 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site