
(ඉන්දිකා රාමනායක)
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් මේජර් ජෙනරාල් සංජය වනසිංහ මහතා පත් කර ඇති බව හමුදාව පවසයි.
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කළ මේජර් ජෙනරාල් සී ඩී වීරසූරිය මහතා වසර 36 ක සේවා කාලයක් නිමා කරමින් විශ්‍රාම ගැනීම නිසා නව තනතුරට සංජය වනසිංහ මහතා පත් කර ඇත
1988- 1991 වසර දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ 11,වන හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ. ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතාගේ පුත්‍රයා වන මේජර් ජෙනරාල් සංජය වනසිංහ මහතා සිය පියා යුද හමුදාපති ධූරය දරන වකවානුවේදී කැඩෙට් නිලධාරියකු වශයෙන්ද හමුදාවට එක් වී පියා අතින් ම අධිකාරියට පත් වෙමින් යුධ හමුදා ඉතිහාස පොත වර්ණවත් කළේය.
මේජර් ජෙනරාල් සංජය වනසිංහ මහතා වන්නි මානුෂීය මෙහෙයුමේ දී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින්.ජයග්‍රහණ රැසක් අත්පත් කර ගත් දක්ෂ නිලධාරියෙක් විය.
සංජය වනසිංහ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.
ඒ මහතා හෙට (15) නව ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1052
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයෙක්