IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නව මහ බැංකු පනතට අරමුණු දෙකක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නව මහ බැංකු පනත සම්මත වූ පසුව රට බංකොලොත් වුවහොත් ඊට වගකිව යුත්තේ කවුදැයි නිශ්චිතවම හඳුනා ගන්නට හැකියාව ලැබෙන බව සභානායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මහ බැංකු පනත පිළිබඳ විවාදය අරඹමින්  පාර්ලිමේන්තුවේදී අද (20)පැවසීය.

එවිට විවිධ කමිටු පත් කරමින් රට බංකොලොත් වීම ගැන සොයන්නට අවශ්‍ය වන්නේ නැතැයි ද ප්‍රේමජයන්ත  මහතා කීය.

මහ බැංකු පනතේ ප්‍රධාන වශයෙන්  අරමුණු දෙකක් තිබෙන බවද දේශීය මිල ස්ථායිතාවය සුරක්ෂිත කිරීම සහ පවත්වාගෙන යාමත් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සුරක්ෂිත කිරීමත් එම අරමුණු දෙක බව අමාත්‍යවරයා කීය.

මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම ද මෙහි අරමුණක් වෙන බවද මහබැංකුවේ කටයුතු පාලනය කිරීම සඳහා පාලක මණ්ඩලයක් සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයක් ඇති කරන බව සුසිල්  ප්‍රේමජයන්ත මහතා කීය.

රටෙි මූල්‍ය ආයතන නියාමනය කිරීමද මෙමගින් සිදු කෙරෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

 



අදහස් (2)

නව මහ බැංකු පනතට අරමුණු දෙකක්

nimal Thursday, 20 July 2023 01:22 PM

මෙන්න ලංකවේ දේශපාලනය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහ බැංකු පනත පිළිබඳ කතාකලයුතු නැත ඒ සදහා මුදල් ඇමතිවරයෙක් සිටි. අධ්‍යාපන අමාත්‍ය වරයා කතා කලයුතුවන්නේ අදයපනය පිළිබද ඔහුගේ විෂයට අදාල කරුණු මිස වෙනත් කරුණු නොවේ, ලංකාවේ දේශපාලකයන් ඔවුන්ට අදාල නොවන කරුණු පිලිබදව අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටිය යුතුවේ. රටේ පුරවැසියන්ට පිළිතුරු ලබාදීම සදහා ඇමැතිවරුනට තනතුරු ලබාදී ඇත, මුදල් ඇමතිවරගේ කාර්ය ඔහුට කරගෙන යාමට අවස්ථව ලබාදෙන්න

:       0       0

අරවින්ද මොනරවිල Thursday, 20 July 2023 03:09 PM

අයියෝ සුසිල්ට වෙච්ච දෙයක්, රාජපක්ෂලාගේ කාලයේ තමන්ට පොලට ගිය සුසිල් දැන් රනිල්ට කඩේ යනවා.

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site