IMG-LOGO

නව මහලේකම් කුෂානි වැඩ අරඹයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තුවේ නව මහ ලේකම්වරයා ලෙස පත්කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද(23) නිවේදනය කළේය.

කතානායකවරයා එම නිවේදනය කරන අවස්ථාවේදී  ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරු සිය සතුට පළ  කළහ.
රෝහණදීර මහත්මිය කතානායකවරයා සමග අද මැති සබයට පිවිසුණේ  ප්‍රධාන දොරටුවෙනි.

හිටපු මහ ලේකම්  ධම්මික දසනායක මහතා සේවයෙන් විශ්‍රාම යන බව දැනුම් දෙමින් ඔහු එවා තිබූ ලිපියද කතානායක වරයා මෙහිදී කියවීය.

හිටපු පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් සිදුවූ සේවාව කතානායකවරයා අගය කළේය.



අදහස් (4)

නව මහලේකම් කුෂානි වැඩ අරඹයි

dasun Tuesday, 23 May 2023 11:36 AM

මැය පාර්ලිමේන්තු සේවයට බැඳුනු හැටි මතකයි නේද?

:       2       3

වසන්ක Tuesday, 23 May 2023 01:34 PM

දසුන් මොකක්ද ඇය පාර්ලිමේන්තු සේවයට බැඳුනු එකේ මතක් කරන්න තියෙන්නේ..? තරඟකාරි විභාගයකින් හා සම්මුඛ පරීක්ෂණයකින් සමත්වෙලා සේවයට බැඳුණු ඇය උපාධිධාරිණියක් වගේම කලින් පුද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ සේවය කළ අයෙක්...!

:       0       0

sunilTuesday, 23 May 2023 05:05 PM

දන්නේ නැහැ... කියන්නකෝ..!

:       0       0

SAM Tuesday, 23 May 2023 01:01 PM

පාර්ලිමේන්තුවේ නව මහ ලේකම්වරයා ලෙස කාන්තවක් පත්වීම අගය කරමු

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 8 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 22 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 434 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site