නව ගුවන් හමුදාපති ලෙස පත්වූ එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අද (14) කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ දී වැඩ බාරගත්තේය.
ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය, ගුවන් හමුදා මූලස්ථානයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
1982 මාර්තු 5 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුණු ජයම්පති මහතා 1985 දී පයිලට් ඔෆිසර් නිලයට පත්විය. 2005 සිට 2008 දක්වා පාකිස්තානයේ ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ ජයම්පති මහතා පසුව ලංකාවට පැමිණ කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී සහ බණ්ඩාරනායක ගුවන් තොටුපළේ නිලලත් ආරක්ෂක භාර නිලධාරී ලෙස ද කටයුතු කළේය. 2009 සිට 2011 දක්වා චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ පීඨාධිපති වූ කපිල ජයම්පති මහතා කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ සැපයුම් අධ්‍යක්ෂ ලෙස 2011 – 2014 දක්වාද ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස 2014 දක්වාද රාජකාරී කළේය.
ඒ මහතා 2011 නොවැම්බර් 2 වැනිදා එයාර් වයිස් මාර්ෂල් නිලයට උසස් කැරුණු අතර මේ වන විට වීර වික්‍රම විභූෂණ, රණ ශූර, රණ වික්‍රම ඇතුළු පදක්කම් රැසකින් පිදුම් ලබා ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
නව ගුවන් හමුදාපති වැඩ බාරගනී
නිරේෂා Wednesday, 14 September 2016 01:05 PM
බොහොම සන්තෝසයි නිසි පුද්ගලයන්ට නිසි තැන ලැබෙන එකට. (අ)
පල්ලෙමුල්ල Wednesday, 14 September 2016 09:24 AM
හොද ගතිගුණ තියන මගේ පාසලේ හොද ගති ඇති වැදගත් නිහතමානී මහත්මයෙක්. මේවගේ උත්තමයන් අපේ මව් බිමට අවශ්‍ය මොහොතක්. (ර)
කරුණාරත්න ගම්පොල Wednesday, 14 September 2016 09:37 AM
කීර්තිමත් නාමය රැකගන්න, ඒ සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා යි ප්‍රාර්ථනා කරමි. (ර)
සුදෙල්මි Wednesday, 14 September 2016 10:05 AM
ඔබතුමාට බාරගත් හමුදාව අඩියකින් හරි ඉදිරියට ගෙනියන්න හැකිවේවා කියා අපි සුබ පතමු මගේ රටට දළදා හිමි සරණයි (බ)
තිස්ස Wednesday, 14 September 2016 12:13 PM
යමක් වේනම් එය සුදුස්සාටම වේ.ඔබට ජය ..!!! (අ)