ජාතික ආණ්ඩුවේ නව ඇමැති මණ්ඩලය ලබන සිකුරාදා පෙරවරුවේ මෛත්‍රිපාල සිරිසේන ජනපති ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.
එක්සත් ජාතික පෙරමුණෙන් ඇමැතිවරුන් 33 දෙනකුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 13 දෙනකුද පත්වීමට යයි.
ඇමැති මණ්ඩලය දිවුරුම් දීම කිහිප වතාවක්ම කල් ගියේය.
එක්සත් ජාතික පෙරමුණෙන් තරග කළ පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග, රාජිත සේනාරත්න, එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන, පී.දිගම්බරන්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන් හා රිෂාඩ් බදියුද්දීන් යන මහත්වරුන් ඇමැතිකම් ලැබීමට නියමිතය. දැනට මංගල සමරවීර, ඩී.එම්.ස්වාමිනාදන් හා විජයදාස රාජපක්ෂ ඇමැතිවරු වශයෙන් මීට පෙර දිවුරුම් දුන්හ.
මෛත්‍රිපාල සිරිසේන ජනපති ආරක්ෂක, මහවැලි හා පරිසර ඇමැතිවරයා වනු ඇතැයිද දැනගන්නට තිබේ.
රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන්ද 40 දෙනකුට නොවැඩි සංඛ්‍යාවක් පත්කිරීමට නියමිතය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අනුව සාමාන්‍ය රජයක ඇමැති මණ්ඩලය 30කට නොවැඩි විය යුතු යැයි දැක්වේ. ජාතික රජයක ඇමැති මණ්ඩලය ඊට වඩා වැඩිවන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගත යුතුය. ඒ සඳහා වන පාර්ලිමේන්තු විවාදය ලබන 4 වැනිදාට යෙදී ඇත.
විවාදය ඉල්ලා සිටියේ ජනතා විමුක්ති පෙරමුණයි.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව ඇමැතිවරු සිකුරාදා දිවුරුම් දෙති?