IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


නව අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන



(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ  කර ඇත.

ජනාධිපතිවරයාගේ මෙම නිර්දේශය සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට(23) බදාදා රැස්වීමට නියමිතය.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ලබන 27 වැනිදා විශ්‍රාම ලබන්නීය. ඇය ලබන 25 සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය සමුගැනීමේ කතාව කිරීමට නියමිතය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයකු  වන   ප්‍රීති පද්මන් සූරසේන මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙසද කලක් කටයුතු කළේය.

මෙරට ප්‍රධාන පෙළේ නම ගිය නඩු කටයුතු රැසක විනිසුරුවරයා ලෙස කටයුතු කළේද සූරසේන මහතාය. හෙතෙම පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන පාර්ලිමේන්තු ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිවරයා  ලෙසද  කටයුතු කරන්නේය.

 

 



අදහස් (5)

නව අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන

nimal gamini silva Tuesday, 22 July 2025 10:31 AM

අවංක නිලධාරියෙක් හද පිරි සතුට

:       6       16

Asela Tuesday, 22 July 2025 10:43 AM

මෙම තනතුරෙන් විශ්‍රාම ගිය පසු, තානාපති තනතුරක් හෝ වෙනත් ඕනෑම තනතුරක් ඔබ එනතුරු බලා සිටී. ශ්‍රී ලංකාව තුන්වන ලෝක රටක් ලෙස පවතින්නේ මේ නිසාය. පාලනය රඳා පවතින්නේ දවසේ බලයේ සිටින්නේ කවුරුන්ද යන්න මතය.

:       7       19

Wanniarachchi Tuesday, 22 July 2025 10:56 AM

ටිකක් සද්දේ දැම්මේ ඕකට තමයි ඉතින්

:       18       16

මාලිමා විපරමා Tuesday, 22 July 2025 11:01 AM

ඔයා මගෙත් මම ඔයාගෙත් පිට කසා ගමු.

:       16       17

සාලිය කුමාර දිසානායක Tuesday, 22 July 2025 11:42 AM

ඩීල් එක සම්පූර්ණයි.

:       15       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 619 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 757 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 319 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site