IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නාවුරු දූපතේ ලක් තරුණයෙක් සිරගත කරයි

නාවුරු දූපතේ පිහිටි නීතිවිරෝධී සංක‍්‍රමනිකයන්ගේ රැඳවුම් මධ්‍යස්ථානයක සිටින ශ්‍රී ලාංකික සංක‍්‍රමිකයකු සිරගත කර තැබීමට එම කඳවුරු බලධාරීන් තීරණය කර ඇතැයි ‘රේඩියෝ නිව්සීලන්ඩ්’ පුවත්සේවය වාර්තා කරයි .

මෙලෙස දඬුවම් පමුණුවා ඇත්තේ 30 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකුට එරෙහිවය.

සිය සරණාගත අයැදුම්පත  ඕස්ටෙ‍්‍රලියා රජය විසින් ප‍්‍රතික්ෂේප කිරීම නිසා සිත් තැවුලට පත් මෙම ලාංකිකයා නාවුරු කඳවුරේ පිහිටි ගහකට නැඟ තමන් එම ගසේ සිට බිමට පනින බවට කඳවුරු බලධාරීන්ට තර්ජනය කර ඇත.

මොහු පැය 9ක් තිස්සේ එම ගහේ සිට ඇති අතර පසුව නාවුරු කඳවුරේ ආරක්ෂක බලධාරීන් එම ලාංකිකයා ගහෙන් බිමට බැස්සවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් පසුව මෙම පුද්ගලයා තමා කළ වැරුද්ද පිළිගැනීම නිසා නාවුරු දූපත් කඳවුරේ පිහිටි සිර මැදිරියක රඳවා තැබීමට කඳවුරු බලධාරීන් තීරණය කර තිබේ.



අදහස් (0)

නාවුරු දූපතේ ලක් තරුණයෙක් සිරගත කරයි

රාධා Monday, 30 November 2015 02:13 PM

සමහර ඕස්ට්‍රේලියානු පුර වැසියෝ සංචාරක විසා වලින් මෙහෙට ඇවිල්ලා නොගිහින් ඉන්නවා නේද ?(හේ)

:       0       0

සිතුම් Monday, 30 November 2015 08:41 AM

අනිවා අපේ යාපනේ වැසියෙක්! (ම)

:       0       0

නිමල්ලලිත Monday, 30 November 2015 09:31 AM

නීති විරෝදී ලෙස රටක ඇතුළු වෙලා තර්ජනත් කරනවා නම් අනිවාර්යයෙන්ම දඬුවම් කල යුතුයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site