IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


නිවැරැදිකරු බව පොන්සේකා කියයි

හමුදාවෙන් පැන ගිය සෙබළුන්ට රැකවරණ දී රාජද්‍රෝහී ක්‍රියා කිරීම ඇතුළු චෝදනා 41කට තමන් නිවැරැදි කරුවන් බව හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා හා ඔහුගේ ලේකම් සේනක හරිප‍්‍රිය ද සිල්වා   මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ඉදිරියේ දි කීහ. චෝදන එකින් එක ඔවුන් ඉදිරියේ කියවන ලද්දේ තෝල්ක මුදලි විසිනි.  චෝදනා 19ක් නිවැරැදි කිරීමට රජයේ නීතිඥ දමිත් තොටවත්ත මහාතට අවසර දුන්නේය. සේනක ද සිල්වාගේ නීතීඥ උපුල් ජයසූරිය මහතා කීවේ එසේ නිවැරදි කිරීම් ගැන කරුණු දැක්වීමට අවශ්‍ය බවයි. පෙබරවාරි 21 වැනිදා ඒ වෙනුවෙන් වෙන් විය. යුද හමුදාවට උපකරණ කිහිපයක් සැපැයීයැයි පවරා ඇති හයිකෝප් නඩුව ද රාජපක්ෂ විනිසුරු  හමුවේ විභාගයට ගැනෙන නිසා මේ නඩු දෙකම ඔහු ඉදිරියේ විභාග කිරීම ගැන අකැමැත්තක් ඇද්දැයි උසාවිය විත්තියේ නීතීඥවරුන්ගෙන් ඇසූ විට ඒ ගැන විත්තිකරුවන්ගෙන් අසා දන්වන බව නීතීඥවරු කීහ.



අදහස් (0)

නිවැරැදිකරු බව පොන්සේකා කියයි

මංගල Tuesday, 24 January 2012 04:00 PM

ජාතියේ වීරයාට ජයවේ.

:       0       0

රුවන් Wednesday, 25 January 2012 09:14 AM

සඳරුවන් සියයට සියයක් හරි

:       0       0

Shashitha NGV Saturday, 28 January 2012 11:13 AM

නොසලි ඔබ ඉදිරයටම යන් ඔබට ජය නියතයි.

:       0       0

ලින්නා Sunday, 29 January 2012 07:18 PM

ජනරාල්ගෙ වැරැදි ඇති, ඒත් ඔහොම කරන එක ඉතා වැරැදියි

:       0       0

සදරුවන් Monday, 23 January 2012 12:28 PM

නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ

:       0       0

සඳරුවන් Monday, 23 January 2012 12:38 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

:       0       0

ජීවන් Monday, 30 January 2012 07:35 AM

සත්‍ය නම් ජයගනී. හැබැයි එහෙම වුණොත් මෙතුමා හිරේ තමයි ඉන්න වෙන්නෙ

:       0       0

බුද්ධි Monday, 23 January 2012 03:00 PM

තීන්දුව ගැන අපි දන්නවා

:       0       0

යූනස් Monday, 23 January 2012 06:06 PM

කළ ගුණ දන්න ජාතියක් හැටියට අපි මේ වගේ දේවල් කිරීම සාධාරණද? කොටි උසාවියේ නඩු කියල ඔවුන් නිදහස් වෙන කොට, යුද්ධය නිමා කරපු ජනරාල් තවම කූඩුවේ.

:       0       0

උඩවෙල Thursday, 26 January 2012 11:22 AM

ඔබට සදා ජය. සත්‍යය ජය ගනීවි

:       0       0

නිශා Monday, 23 January 2012 06:52 PM

මේවා උඩ ඉක්ක දෙවියොම බලා ගනීවා..

:       0       0

කපිල Monday, 23 January 2012 07:15 PM

ජෙනරාල් උණත් නීතිය එකයි..

:       0       0

සංකපාල Monday, 23 January 2012 07:23 PM

මේ පළිගැනීම කවදා ඉවර වෙඉද මන්ද. තෝරු මෝරු පැනල යද්දී හල්මස්සෝ අල්ලන්න හදනවා

:       0       0

කුමාරිකා Monday, 23 January 2012 07:34 PM

සඳරුවන්ගේ කතාව හරි

:       0       0

ලසන්ත Monday, 23 January 2012 07:44 PM

අපි නිතරම ඔබ සමගයි..

:       0       0

රොහාන් Monday, 23 January 2012 07:49 PM

ජාතියේ වීරයාට ජයවේයා..

:       0       0

චානුක Monday, 23 January 2012 08:55 PM

ඔබ ගැන ඇත්තටම දුකයි. ඔබව මේ ජරා දේශපාලනයට ගෙනාපු එක

:       0       0

උපුල් Monday, 23 January 2012 09:03 PM

කාටවත් බැනල වැඩක් නැහැ. ෆොන්සේකා විසින් කරගත්ත දේවල්

:       0       0

සරත් අභේතුන්ග Monday, 23 January 2012 09:29 PM

දෙවියන් බලා ගනීවි..

:       0       0

ශ්‍රී ලාංකිකයා Monday, 23 January 2012 10:26 PM

ජෙනරාල් ෆොන්සේකා මහතා පමණක් නෙවේ මුළු රටේම ජනතාව දේශපාලනය නිවැරදිව කලයුතු වේ. එවිට වඩා හොඳ නීතිගරුක පාලනයක්ද, ජනතාවට හොඳ රටක්ද දිනාගත හැකිවේ.

:       0       0

සරත් Monday, 23 January 2012 10:29 PM

ජනරාල්ට මේ තත්ත්වය උදාකළේ ජේ.වී.පී. අය

:       0       0

ජගත් එන්. ජයසේන Tuesday, 24 January 2012 09:54 AM

බල තණ්හාවට ගියාම ඔහොම තමයි

:       0       0

අසින් Tuesday, 24 January 2012 10:02 AM

මනුෂ්‍ය නීතියට වඩා දේව නීතිය දරුණුයි

:       0       0

ප්‍රගීත් ජයසිංහ Tuesday, 24 January 2012 10:54 AM

කන්න දුන්නු අත හපා කන්න ගොස් ෆොන්සේකා විහින් කර ගත්ත දේවල් තමා මේ. මොහු බලයට ආවා නම්, මෙයාට විරුද්ධ අයට උසාවියක්‌ දකින්නවත් දෙයිද?

:       0       0

රණවීර Tuesday, 24 January 2012 11:02 AM

ජනරාල් ජේ.වී.පී. එකේ උගුලට අසුවුණා

:       0       0

රත්නපාල Tuesday, 24 January 2012 12:20 PM

ජනරාල් ෆොන්සේකා මහතාව නිදහස් කරමු

:       0       0

මොහොමඩ් ෆවුසුල් Tuesday, 24 January 2012 12:26 PM

දෙයියෝ සාක්කි

:       0       0

cmd Tuesday, 24 January 2012 01:21 PM

ඔබ ගැන ඇත්තටම දුකයි. ඔබව මේ ජරා දේශපාලනයට ගෙනාපු එකට කාටවත් බැනල වැඩක් නැහැ. ජනරාල්ට මේ තත්ත්වය උදාකළේ ජේ.වී.පී. අය. ෆොන්සේකා විසින් කරගත්ත දේවල් ජෙනරාල් වුවත් නීතිය එකයි.

:       0       0

ඒ.ජේ. සෙනෙවිරත්න Tuesday, 24 January 2012 01:55 PM

ජනරාල්ගෙත් වැරැදි තියෙනවා ඒක ඇත්ත. මොන දේ කළත් අපේ රට බේරගන්න මුල්වුණු ඔහු ගැන අප අමතක කරන්න හොද නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 701 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2370 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site