IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නුවරඑළියේ කැරට් ගෝනිය රුපියල් 12,360 යි

නුවරඑළියට දින කිහිපයක් තිස්සේ මහ වැහි ඇති වූ  නිසා අද (31) දින නුවරඑළියේ ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් මිල කිලෝවක් රු. 260 සිට 270 දක්වා වූ අතර ලීක්ස් රු. 95.00 සිට රු. 100. දක්වාද  බීට් රු. 170.00ක්ද ගෝවා රු. 135.00සිට 140.00 දක්වාද සලාද රු. 110.00ක් දක්වාද ඉහළ ගිය බව වාර්තා වේ. එහෙත් ආර්ථික මධ්‍යස්ථානයෙන් පරිබාහිරව කැරට් මිල රු. 320.00ට පවා මිලදී ගන්නා අයුරු දැක ගත හැකි විය. මෙය නුවරඑළියේදී මේ දක්වා වාර්ථා වූ කැරට්වල ඉහළම මිල බව සඳහන් වේ.

පහත ඡායාරූපයේ ඇති කැරට් ගෝනියේ වටිනාකම රුපියල් 12,360 කි.

 1

2



අදහස් (0)

නුවරඑළියේ කැරට් ගෝනිය රුපියල් 12,360 යි

සෙහාන් අමරසිංහ Thursday, 31 December 2015 09:59 AM

දුමින්ද පෙරලුන පිට හොඳයි වගේ නේද ? (ර)

:       0       0

සමන් Friday, 01 January 2016 04:31 AM

කිරි ඉතිරේවා නව වසරේ !!!!! (ම)

:       0       0

ඉන්දික Thursday, 31 December 2015 05:17 PM

පහුගිය ටිකේ නම් මැතිවරණ වේදිකාවල කැරට් ලාබෙට දුන්නා. පද්මිණි, ඔයා හරි. (නි)

:       0       0

සචිත් ඉන්දික Thursday, 31 December 2015 10:20 AM

වෙනස සැපයි, බඩ සුද්දයි. (ර)

:       0       0

ලලිත් Friday, 01 January 2016 05:29 AM

මදැයි කළා? ඒකෙනුත් පාඩුවුණේ ආණ්ඩුවට? දැන් මොකද කරන්නේ? (නි)

:       0       0

උදාර Friday, 01 January 2016 05:46 AM

අලුත් අවුරුද්දේ සියලුම පැතුම් ඉටුවේවා!! (නි)

:       0       0

සොපි Friday, 01 January 2016 06:40 AM

අපෝ ..තව ටික දවසකින් ජන්ද ටිකක් එයිනේ එතකොට කැරට් ගෝනි පිටින් අපිට ලැබෙයි .(කෞ)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 31 December 2015 11:46 AM

බලාගන හොදේ. (කෞ)

:       0       0

පිටිගල Thursday, 31 December 2015 12:18 PM

මේවා කැරට් විසිදෙකේ කැරට් වෙන්න ඇති මෙච්චර ගණන්.(කෞ)

:       0       0

ගයාන් Thursday, 31 December 2015 12:27 PM

පොඩි ගොවියගෙන් ගන්නෙ රු. 50-60. වැස්ස නිසා අස්වැන්න ගොඩක් අඩුයි. රු. 15,000 ක් වියදම් කරල ලැබුනෙ රු 2,500. (කෞ)

:       0       1

රසික Thursday, 31 December 2015 12:49 PM

වැස්සට වගා විනාශවීම නිසා එළවළු මිල වැඩිවීමත් දේශපාලන හේතුවකින් වුනා කියන අයත් ඉන්නව නේද? (බ)

:       0       0

ප්‍රබෝද Thursday, 31 December 2015 05:43 PM

ඕවට බෙහෙස් ගහලයි තියෙන්නේ. අපේ ගෙදර වැඩට නුවරඑළියෙන් ගැහැණු කෙනෙක් ආවා. කැරට් ලීක්ස් කටේ තියන්නේ නැහැ. හේතුව තමයි ඒගොල්ලෝ වගා කරද්දී බෙහෙත් ගහන හැටි දන්න නිසා. තමන්ට වෙනම කන්න බෙහෙත් නොගහා ටිකක් හදාගන්නවා කිව්වා. (නි)

:       0       0

යොහාන් Thursday, 31 December 2015 06:49 PM

හරිම පිරිසිදු අලුත් එළවළු (නි)

:       0       0

කවින්ද Thursday, 31 December 2015 06:43 PM

මෙදා අවුරුදු සුබවෙයි වගේ (නි)

:       0       0

පද්මිණි Thursday, 31 December 2015 02:01 PM

සමහරකාලවලට එළවලු ලොරි ගණන්විසි කරනවා .නිසි කළමනාකරණයක් නැතිකමනේ. දැන් මේ ශීත රටවල ඕනෑම පළතුරක්, එළවලු අවුරුද්දෙම ගන්ට පුළුවන්. ඔය ඇමති වරයෙකුට දෙන වාහනයක් ගන්නවට වඩා අඩු මිලට අධිශීතකරණ ගන්ට පුළුවන් වෙයි ආර්ථික මද්‍යස්ථානයකට. මම ලංකාවෙන් ගේන කරවිල මෑ කරල් වසර2 ක් තියාගන්නවා අධිශීතකරණයේ. අනේ මේවා බිරිඅලින්ට වීනා වයනවා වගෙයි. (ර)

:       0       0

රාධා Thursday, 31 December 2015 09:11 PM

පද්මිණි, ඇයි කන්නේ නැතුව බල බලා ඉන්නවද? (නි)

:       0       0

මහේන්ද්‍ර Friday, 01 January 2016 01:01 AM

ප්‍රබෝද කියන එක ඇත්ත. ලංකාවේ පිළිකා රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා. මේ එළවළු වලට ගහන බෙහෙත් එයට කොච්චර සම්බන්ධද කියලා කවුරුහරි පර්යේෂණයක් කරලා ගොවීන් හා ජානතාව දැනුවත් කරනවා නම් හොඳයි (නි)

:       0       0

විජිත් Friday, 01 January 2016 01:43 AM

අපි සෑහෙන්න "කැරට්" කෑවා පසුගිය ඡන්ද කාලේ. දැනටත් කනවා. අනාගතයේදීත් ඡන්ද කාලෙට ඡන්දදායකයන්ට හොඳම වර්ගයෙන් කැරට් කෑමට දීමට අපේ දේශපාලුවෝ සැදී පැහැදී සිටිනවා ඇති. (නි)

:       0       0

නාලක Friday, 01 January 2016 01:38 AM

බලන්නකෝ එළවළු ටිකේ ලස්සන! (නි)

:       0       0

දනසිරි Friday, 01 January 2016 03:42 AM

බෙහෙත් ගහපු එළවළු කන්න එපා (නි)

:       0       0

දුමින්ද Thursday, 31 December 2015 09:41 AM

ගොවි අතමිට සරුවී (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site