IMG-LOGO

නවදිල්ලියේ පාසල් දිගටම වැසෙයි

වායු දූෂණය තව තවත් උග්‍රවීම හේතුවෙන්, ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පාසල් සතියක් වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.

මේ වනවිට මිලියන 30 ක ජනගහනයක් වෙසෙන නවදිල්ලි අගනුවර ලොව වායු දූෂණය වැඩිම නගරය බවට පත් වී ඇතැයි ද පැවැසෙයි.

‘වායු දූෂණය දිනෙන් දින උග්‍ර වෙනවා. වෛද්‍ය උපදෙස් සැලකිල්ලට ගනිමින් දිල්ලියේ සියලුම ප්‍රාථමික පාසල් ලබන 10 වැනිදා තෙක් වසා දැමීමට තීරණය කළා.’ යැයි දිල්ලි ප්‍රාන්ත අධ්‍යාපන අමාත්‍ය අතීෂි මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

සෑම වසරකම ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී නවදිල්ලි අගනුවර විෂ වායු දුමාරවලින් වැසෙයි. ඊට හේතුව අසල්වැසි ප්‍රාන්තවල ගොවීන් කෘෂිකාර්මික කටයුතු සඳහා විශාල වශයෙන් පිදුරු ගිනි තැබීම හේතුවෙනි.

හින්දු ආගමික උත්සව හේතුවෙන් ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම, රතිඤ්ඤා දැල්වීම ආදිය ද නවදිල්ලි අගනුවර වායු දූෂණයට හේතුවක් වී තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

නවදිල්ලියේ පාසල් දිගටම වැසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 277 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 143 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1784 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site