IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නැවත දැනුම් දෙනතුරු රඹුක්කනට ඇඳිරි නීතිය

(සුජිත් හේවාජූලිගේ සහ ඉන්දිකා රාමනායක)

රඹුක්කන පොලිස් බල ප්‍රදේශය සඳහා නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.

ඇදිරිනීති කාලයේදී නිවෙස්වලටමවී කාලය ගත කරන්නැයිද  ඔහු ජනතාවගෙන්  ඉල්ලා සිටියේය.

මේ ප්‍රදේශ හරහා ගමන් ගන්නා මහජනතාව  විකල්ප මාර්ග භාවිතා කළ යුතු බව පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.



අදහස් (1)

නැවත දැනුම් දෙනතුරු රඹුක්කනට ඇඳිරි නීතිය

vinivida Wednesday, 20 April 2022 06:54 AM

රඹුක්කන පොලිස් බල ප්‍රදේශය සඳහා නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබුණද රඹුක්කන පොලිසිය කළයුතු වන්නේ එම ප්‍රදේශවල සිටින්නා වූ බුද්ධිමත් තරුණයින් සමග සාකච්ඡා කර මෙවැනි අර්බුද නැවත මතු නොවන්නට දෙපාර්ශවය අතර යම් එකඟ තත්වයකට පැමිණීම වේ. එවිට තෙල්මිල හෝ වෙනත් කාරණයකදී හෝ හදිසි පාරවල් වැසීම වැනි අර්බුදයකදී පොලීසිය මැදිහත්වීම අවමකර එම තරුණ පිරිස් මූලිකත්වයෙන් එම ප්‍රදේශවල සිදුවන/ මතුවන අර්බුද අවම කරගැනීමට හැකියාව සොයා බැලීම වැදගත් වේ. එම තරුණයින් මගින් ඔවුන්ගේ ප්‍රදේශ පුරා මෙම පණිවිඩය ලබාදී රටට වෙනසක් ලබාගැනීමට නම් සියලුදෙනාම ඉවසීමෙන් සහ වගකීමෙන් කටයුතු කළයුතු බව දැනුම් දී මෙය ලංකාවේ සියලු පොලිස්බල ප්‍රදේශ තුළ දියත් කළහොත් ඉදිරියේදී මතුවන ගැටළු අවම කරගැනීමට හැකිවේ. ජනතාව මේ වනවිට මුහුණදී තිබෙන්නා වූ ගැටළු විවිධාකාරය.. විරැකියාව, ඉන්ධන, ගෑස් සහ දරුවන් හට කිරිපිටි නොමැති වීම වැනි කරුණු නිසා ජනතාව සිටිනුයේ දැඩි ආවේගයකිනි. එමනිසා මේ අවස්ථාවේ පොලිසියේ ඉවසීම අත්‍යාවශ්‍ය වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 272 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 85 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site