
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරලැස්ගමුව දෙහිවල පාරේ සමූපාකාර මාවතේ නවාතැන්පොළකට කාන්තාවක් සමග පැමිණි පුද්ගලයෙකු හදිසියේ මිය යාමත් සමගම එම කාන්තාව හොර රහසේ පලා ගොස් ඇතැයි බොරලැස්ගමුව පොලිසිය කියයි
මෙලෙස මිය ගොස් තිබුනේ බොරලැස්ගමුව වේරහැර බෝධිරාජා පුර ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙකි
මියගිය පුද්ගලයා පලා ගිය කාන්තාව සමඟ ඊයෙ (25) දහවල් ලැගුම්හලට පැමිණ ඇති අතර පැය කීපයක් ගතවෙද්දී කාන්තාව කෑ ගසාගෙන කාමරයෙන් පිටතට පැමිණ එම පුද්ගලයාට අසනීප බවට කළමනාකරුට දැනුම් දී ඇතැයි පොලිසිය කියයි
කළමනාකරු කාමරය වෙත ගොස් බැලීමේදී ඔහුගේ කටින් සෙම වැගිරී තිබෙන අයුරු දැක වහා ක්‍රියාත්මක වී එම පුද්ගලයා රෝහල් ගත කිරීම සඳහා ත්‍රීරෝද රථයක් රැගෙන ඒම සඳහා ලැගුම්හලින් පිටතට ගිය අවස්ථාවේදී එම කාන්තාව පලා ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
2025 දෙසැම්බර් මස 18
13
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නවාතැන් පොළට ආ පුද්ගලයා මරුට කාන්තාව පලායයි
Subhas Tuesday, 26 December 2023 01:25 PM
ව්‍යාඝ්‍රයෙක් පහර දෙන්න ඇති දැනට කලකට පෙර... අපි ළඟටත් ආපු දෙන්නෙකුට ඔහොම වුණා...!
වෛදරත්න Tuesday, 26 December 2023 01:28 PM
මොකක් හරි අසනීපයකට ඔය වයසේ අය ඒවා ගත්තාම ටිකක් අමාරු වෙනවා.. හදවතේ ක්‍රියාකාරිත්වය වැඩිවෙලා හෘදයාබාධයක් හැදෙන්න ඇති... කාන්තාව නම්හදිසි හමුවීමක් වෙන්න ඇති. තමන්ගේ කෙනෙක්නම් ලෙඩා දාලා පැනලා යන්නේ නැහැනේ. වෛද්‍යවරයෙකුගේ උපදෙස් අරගෙන ගන්න කියන්නේ ඕකයි මේවා...
Shantha - Qatar Tuesday, 26 December 2023 01:29 PM
වයසට කරන වැඩ තියෙනවා. මේවා ටිකක් අමාරු වැඩ ඔය වයසට...!