
( කේ. බුද්ධික කුමාරසිරි)
නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසයි
එම අවස්ථාවේදී පොලිසිය විසින් ගිනි නිවන රථ ගෙන්වා ගින්න පාලනය කිරීමට කටයුතු කළද ඒ වන විටත් සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී තිබූ බවද පොලිසිය පවසයි
අදාළ රෝහලේ ඖෂධ ගබඩාවේ තිබූ ඖෂධ සම්බන්ධයෙන් පහුගිය දින කීපයේදී යම් විගණනයක් සිදු වී ඇතිි බවත් ඒ අතරතුර මෙලෙස ඖෂධ ගබඩාව ගිනිගැනීමට ලක් වීම පිළිබඳ සැකයක් පවතින බැවින් ඒ පිළිබඳව විශේෂ පරීක්‍ෂණයක් සිදු කරන බවද නවගමුව පොලිසියේ නිලධාරියකු පැවසීය .

2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්