IMG-LOGO

නවක නිර්මාණකරුවන්ට අතදෙන අනංමනං

2016-09-05-ent-76

ගීත ප්‍රචාරය පිළිබඳව තිබූ මානයන් පුළුල් කරමින් ගුවන් විදුලි හා රූපවාහිනී ඉසව්වලින් ඔබ්බට ගීතය පැතිර ගොස් තිබේ. ඉන්න එකක් නම් ගීත ප්‍රචාරය කෙරෙනා වෙබ් අඩවි ප්‍රමුඛස්ථානයක් ගෙන තිබේ. ඒ අතරින් අනංමනං වෙබ් අඩවිය ප්‍රමුඛස්ථානයක් ගනී. අපි එහි හිමිකරුවා වූ මිලින්ද ජයසිංහ සමගින් කතාබස් කළෙමු.

 

කොහොමද අනංමනං පටන් ගන්නෙ?

2003 දී තමයි අනංමනං වෙබ් අඩවිය පටන් ගන්නෙ. විනෝදයට වගේ පටන් ගත්ත වෙබ් අඩවිය 2012 වෙනකම්ම ආවා. 2012 දී තමයි දැන්වීම්කරුවන්ට විවෘත කළේ. එතකම්ම අපි හම්බකරන දේ වියදම් කර කර තමයි ප්‍රචාරණ කටයුතු කළේ. අපිට හොඳ රසික පිරිසක් හිටියා. එනිසාම වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය කරන්නට වෙළෙඳ දැන්වීම්කරුවනුත් පැමිණියා. ඒත් එක්කම 2012 දී තමයි පූර්ණකාලීනව මේ කටයුතු සිදුකළේ.

අපේ වෙබ් අඩවියේ පදරචනා , Mp 3, වීඩියෝ යන තුනෙන්ම තමයි අපි ක්‍රියාත්මක වෙන්නෙ රසිකයන්ට ඕනෙ නියම ගීත හොයාගන්න.

අන්තර්ජාලයේ තිබුණු ගීතවල මැද්දට තමන්ගේ අඩවියේ නම යොදලා තිබුණේ. අපිම සිංදුව ඩවුන්ලෝඩ් කරලා අහද්දී අපිටම එපා වෙනවා. එනිසා අපි හිතුවා මිනිස්සුන්ට මොනවහරි දෙයක් කරන්න ඕන නිසයි නියම ගීතය දෙන්න හිතුවේ. ඒ කාලෙ සීඩී මාකට් එක යන කාලෙ ඔවුන් කිව්වෙ අපි සිංදුව දෙන්න කැමතියි අපි ඒකාලේ සාමාන්‍ය කලාකරුවන්ගෙන් පටන් ගත්තා. හුඟ දෙනෙක් දන්නවා ගීතයක් ප්‍රචාරය කරගැනීමේ මාධ්‍යය වෙබ් එක කියලා. හැමෝගෙම සිංදු අපි තමයි ප්‍රචාරය කරන්නෙ. මොකද ටීවීවලට රේඩියෝවලට ප්‍රචාරය කරන්න ඉඩක් නැති නිසා. ඔවුන්ගේ ගුවන් කාලයට එතරම් ගීත ප්‍රමාණයක් ප්‍රචාරය කරන්න බෑ.

 

මෙවැනි සංකල්පයක් ආවෙ කොහොමද?

මම වෙනත් ආයතනවල වැඩකළා. මෘදුකාංග ඉංජිනේරුවරයෙක් විදියටයි සේවය කළේ. බැංකුවල වැඩ කරන්න බෑ උදේවරුවේ. එනිසා විනෝදයට පටන්ගත්තු දෙයට බොහෝ අයගේ ප්‍රතිචාර දැකලා තමයි මෙය වැඩිදියුණු කළේ. ඇත්තටම මූල්‍යමය පර්මාර්ථයෙන් නෙවෙයි. විනෝදයටයි කළේ. කවදාවත් මූල්‍යමය පැත්ත ගැන හිතුවෙවත් නෑ. මෙය ව්‍යාපාරික තලයට ආවෙ 2102 දී. ඒ වනවිට අයි.බී.එස්.එල් ආයතනයේයි පරිගණක අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙසයි කටයුතු කළේ. එවිට තමයි ඩිජිටල් කියන අංශය ඉදිරියට ආවේ. මෙම වෙබ් අඩවිය පටන් ගත්ත නිසා තවත් රැකියාවක් කිරීම සදාචාරාත්මක නෑ කියල හිතුණු නිසා එම රැකියාවෙන් අයින් වෙලා මෙම රැකියාව පටන් ගත්තා.

අපේ දැන් උත්සාහය තමයි කලාකරුවන්ටත් යමක් ලබා දීම. අපි හම්බකරනවා වගේම නිර්මාණකරුවන්ටත් නිර්මාණ විකුණන්න පුළුවන් ඉසව්වක් නිර්මාණය කිරීම තමයි අපේ ඊළඟ උත්සාහය.

දැන් ඇත්තටම ඉංග්‍රීසි ගීත අහන්නෙ නැති පිරිස අනිවාර්යයෙන්ම අනංමනං එක්ක තමයි ඉන්නෙ. අපි හිතනවා සමහර සිංදු වැඩක් නෑ කියල. රේඩියෝ ටීවීවලින් ගන්න බෑ කියන සිංදු අපි දවසෙන් දෙකෙන් හිට් කරල තියෙනවා. මිනිස්සු තමයි තීරණය කරන්නෙ අහනවද නැද්ද කියනෙක. වෙබ් අඩවියේ දැම්මාම සීමාසහිත කාලයක් නෙවෙයි තියෙන්නෙ. එනික් එක අහල සිංදු ඩවුන්ලෝඩ් කරගන්නවා. එනිසා මිනිස්සු හිතන්නැති විදියට සිංදුවක් එක රැයින් ජනප්‍රිය වීමේ හැකියාව තිබෙනවා. කවුරුත් අහලවත් නෑ. නමුත් සිංදුව හොඳ හින්ද එක රැයින් ජනප්‍රිය වෙනවා

 

අද වෙනකොට ලංකාවෙ රසිකයන්ගෙ නිර්මාණ රසිකත්වය කොතනද තියෙන්නෙ?

ඒක තමයි වෙනස් කරන්න ඕන දේ. රැල්ලකට තමයි යන්නෙ. කවුරුහරි කෙනෙක් මොනවහරි එක සිංදුවක් කළොත් ඒ වැඩේම හැමෝම කරගෙන යනවා. ජෝතිපාලලගෙ කාලෙත් හින්දි සිංදු මෙලඩියක් කළොත් අනිත් අයත් ඒ දේම කරනවා. දැන් කාලෙත් එහෙමයි. එක සිංදුවක් හිට් වෙච්ච ගමන් හිතනවා මේක තමයි රැල්ල කියල. එතකොට ඔක්කොම යන්නෙ ඒ පිටිපස්සෙ. ගුණාත්මක භාවය කියනෙක නිර්මාණවල දකින්න නැතිවෙනවා. අලුත් දෙයක් හැමවෙලාවෙම කරන්න පුළුවන් වුණා නම් මේ හැමදේම වෙනස් කරන්න පුළුවන්.

 

ඉදිරි සැලසුම් ගැන මතක් කළොත් ?

මම දැන් ඉන්නෙ ඩිජිටල් ඉසව්වේ. මේක තමයි මං දන්න එකම දේ. අපේ ව්‍යාපාරය ව්‍යාප්ත කරන්න හිතන් ඉන්නෙ. citizen.lk නමින් වෙබ් අඩවියක් ආරම්භ කළා පසුගිය වසරේ. SOCIAL MEDIA DAY මගින් පැවැත්වූ සම්මාන උලෙළේදී හොඳම වෙබ් අඩවියට සම්මානයක් හිමි වුණා. දෙවැනි වරටත් එය අපිටමයි හිමිවුණේ. ඔබේ ගීතය අපට [email protected] වෙතට මේල් කරන්න පුළුවන්. අපි ඔබට නොමිලේ ප්‍රචාරයක් ලබාදෙනවා. අපි කොයිම වෙලාවකදීත් නිර්මාණකරුවන්ගෙන් ගීත ප්‍රචාරය කරන්න මුදල් අය කරන්නෙ නෑ. එමෙන්ම ගීත ඩවුන්ලෝඩ් කරන අයගෙනුත් අපි මුදල් අය කරන්නෙ නෑ. අපි දෙපිරිසටම නොමිලේ තමයි මේ අවස්ථාව ලබාදෙන්නෙ‍. සිංදුවක් ප්‍රචාරය කිරීමට හෝ මේ සම්බන්ධ දැනගන්නට අවශ්‍ය නම් 077-3980098 අංකය ඇමතීමෙන් ලබාගන්න පුළුවන්.

 

සටහන ඉඳුනිල් සිංදු

 

2016-09-05-ent-75



අදහස් (0)

නවක නිර්මාණකරුවන්ට අතදෙන අනංමනං

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 626 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site