IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නෙල්සන් මැන්ඩෙලා හැඳින්වූ නම්

නෙල්සන් රෝලිහ්ලහ්ලා  විවිධ නම් වලින් හදුන්වනු ලැබීය.ඒ සෑම නමකටම විශේෂ සිද්ධියක් හා තේරුමක් විය.

රෝලිහ්ලහ්ලා- මෙම නම මැන්ඩෙලාට උපතේදි ලැබුණ නමයි.  ‘ප්‍රශ්න ඇති කරන්නා‘ යන්න එම නමේ තේරුමයි. ඔහු පියා එම නම තැබීය.  

නෙල්සන්- මැන්ඩෙලා පාසල් ගිය මුල්ම දවසේ ඔහුගේ ගුරුවරිය වූ ම්ඩින්ගානේ මෙම නම තැබුවාය.  අප්‍රිකා  දරුවන්‍ට ඉංග්‍රිසි නමක් ලබා දීම එකළ සිරිතක් විය. අප්‍රිකාව එකළ යටත් විජිතයක්ව පැවතීමත් බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයේ බලපෑමත් ඊට හේතු විය. මැන්ඩෙලගේ ගුරුවරිය නෙල්සන් යන්න මැන්ඩෙලා සදහා තෝරාගත්තේ ඇයිද යන්න අපහැදිලිය.

 

මාඩිබා - මැන්ඩෙලා අයීති වූ කුලයෙන් ඔහුට ලැබුණු නමයි. එකළ පෙළපත් නාමයෙන් හදුන්වනවාට වඩා ග්‍රෝත්‍ර නාමයෙන් හැදින්වීම වැදගත් කොට සැලකීය. මාඩිබා 18 වන සියවසේ මැන්ඩෙලා උපන් ට්‍රාන්ස්කෙයි හි විසු තෙම්බි ග්‍රෝත්‍රික නායකයෙක්‍රට තිබූ නමකි.

 

ටාටා - ඉසිඑක්ස්හෝසා භාෂාවෙන් ටාටා යන්නෙහි තේරුම පිය යන්නයි. මැන්ඩෙලා දකුණු අප්‍රිකානුවන්ට දැක්වූ ස්නේහය නිසා මෙම නමින් හදුන්වනු ලැබීය.

 

කූලූ- මෙම නමේ තේරුම ‍ශ්‍රේෂ්ඨත්වය,විෂ්ශ්ටත්වය යන්නයි. මැනඩෙලාගේ එම ගතිගුණ නිසා  මෙම නමින් හදුන්වයි.‍‍‍‍ ශ්‍රේෂ්ඨයෙක් යන්න යන අරුත ද මෙහි ඇති නිසා මැන්ඩෙලාට මෙම නමින් අමතයි .කූලූ යන්න දකුණූ අප්‍රිකා‍වේ නිල භාෂාවක් වන ඉසිඑක්ස්හෝසා භාෂාවෙන් බිදී ආවකි.එහි සම්පූර්ණ වචනය නම් ‘යූබාවොම්කූලූ‘ යන්න. එහි තේරුම සීයා යන්නයි.

 

ඩලිබුන්ගා - එක්ස්හෝසා ග්‍රෝත්‍රිකයන් විසින් පිරිමිකම සදහා හෙවත් තරුණයෙකු වැඩිවියට පත්කිරීම වෙනුවෙන්, එනම් වැඩිමහල් පිරිමියෙක් වූ බව සංකේතවත් කීරීම වෙනුවෙනු පවත්වන චරිත්‍රයේදි ලබාදුන් නමයි. ඩලිබුන්ගා යන්නෙහි තේරුම් වනුයේ කවුන්සිලයක සංවිධානයක ආරම්භකයා  නිර්මාපකයා සහ සාකච්ඡාවක කැදවුම්කරු යන්නයි. මේ නම යොදාගනිමින් මැන්ඩෙලා අමතන්නේ ‘ආහ් ඩලිබුන්ගා’ යනුවෙනි.

 

මීට අමතරව මැන්ඩෙලාගේ පවුලේ සාමාජිකයන් ඔහුට විවිධ නම් වලින් අමතන ලදි. ඔහුගේ මුනුපුරු මිනිපිරියන් සීයා ලොකු තාත්තා යන නම් වලින් අමතන ලදි. ඔහුගේ තෙවනි බිරිද ග්‍රාසා මාචෙල් මැන්ඩෙලාට කතාකළේ පාපා යනුවෙනි.



අදහස් (0)

නෙල්සන් මැන්ඩෙලා හැඳින්වූ නම්

අමිල Monday, 09 December 2013 08:07 AM

ඔහු නිහතමානී මිනිසෙකි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site