IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිතයේ වැදගත් සිදුවීම්

 

 

නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිතයේ වැදගත් සිදුවීම්

(තුෂාර සිල්වා)
 

1918 ජූලි 18
රොලිහ්ලහ්ලා දලිබුන්ගා මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ ට්‍රාන්ස්කෙයි පළාතේ දී උපත ලැබීය.  පියා ගැඩ්ලා හෙන්රි ම්ෆකන්විස්ව තෙම්බු ගෝත්‍රක රජවාසලේ උපදේශකයෙකි.  මව නොසෙකිනි ෆැනි මැන්ඩෙලාය.

1944 -
අප්‍රිකා  ජාතික කොංග්‍රසයට එකතු විය.

1944 -
අප්‍රිකා ජාතික කොංග්‍රසයේ තරුණ ලීගය සමඟ   එක්වී වර්ගවාදයට එරෙහිව කටයුතු කිරීම ඇරඹීය.

1948 -
දකුණු අප්‍රිකා ජාතික කොංග්‍රසයේ තරුණ ලීගයේ ලේකම් ලෙස පත් විය.

1951 -  
අප්‍රිකා ජාතික කොංග්‍රසයේ තරුණ ලීගයේ සභාපති ලෙස තේරී පත්වීම හා  අප්‍රිකා  ජාතික කොංග්‍රසයේ ජාතික විධායක කමිටුවට තේරී පත්වීම.

1952 -
කොමියනිස්ට් වාදය මර්දනය කිරීමේ පනත උල්ලංඝනය කිරීමේ චෝදනාවට බරපතල වැඩ සහිතව මාස නවයක් සිර ගත කිරීම.
දකුණු අප්‍රිකා ජාතික කොංග්‍රසයේ නියෝජ්‍ය සභාපතිවරයෙක් ලෙස තේරී පත් විය.ඔලිවර් ටැම්බෝ සමග එක් ‘වී එම් සැලැස්ම‘ නමින් දකුණු අප්‍රිකා ජාතික කොංග්‍රසයේ අනාගත ක්‍රියාකාරිත්වය පිළිබද සැලැස්මක් නිර්මාණය කළේය.

1956 -
රාජද්‍රෝහී චෝදනා යටතේ මැන්ඩෙලා ඇතුළු 155ක් අත්අඩංගුවට ගැනීම සහ බන්ධනාගාර ගත කිරීම.

1958 -
පළමු බිරිද එව්ලින් මේස්ගෙන් දික්කසාද වීම හා සමාජ ක්‍රියාකාරිනියක් වන නොම්සාමෝ විනි මැඩිකසෙලා සමග විවාහ වීම.

1960 අප්‍රේල් 08 -
අප්‍රිකා ජාතික කොංග්‍රසය තහනම් කිරීම. අප්‍රිකා ජාතික කොංග්‍රසයේ ගරිල්ලා සංවිධානය ආරම්භ කිරීම.

1962 ජනවාරි 11 -
සන්නද්ධ පුහුණුව සදහා රටින් පිටවීම.

1962 ජූලි 23 -  
නැවත දකුණු අප්‍රිකාවට පැමිණීම.

1962 අගෝස්තු 05 -
ගමන් බලපත්‍රයක් නොමැතිව රටින් පිටවීම හා රට තුළ සේවක වර්ජන ඇතිකිරීමට කටයුතු කිරීම ආදී චෝදනාවන්ට නැවත අත්අඩංගුවට පත්වීම.

1962 නොවැම්බර 07 -
ඉහත චෝදනාවන්ට වරදකරු කර වසර පහක සිරදඩුවම් නියම කිරීම.

1963 -
සිරකරුවකු ලෙස රොබෙන් දූපතට යැවීම හා නැවත පිටෝරියා බන්ධනාගාරයට ගෙන ඒම.

1964 ජුනි 12  -
කඩාකප්පල් කාරී ක්‍රියා සිදුකිරීම ආදී චෝදනා හතරකට වැරදිකරු කරමින් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කිරීම.

1968 -
මැන්ඩෙලාගේ මව මිය ගිය අතර ඊට සහභාගී වීමට මැන්ඩෙලාට අවසර නොලැබි‚.

1969 ජූනි 13 -
මැන්ඩෙලාගේ පුත් තෙම්බිකිලේ මෝටර් රථ අනතුරකින් මිය ගියේය.

1985 පෙබරවාරි 10 -  
මැන්ඩෙලා නිදහස් කරන්නැයි මැන්ඩෙලාගේ දිය‚යක්  අප්‍රිකා ජනපති පී ඩබ්ලිව් බෝතාගෙන් ඉල්ලීමක් කළාය.

1985 නොවැම්බර 03 -
පුරස්ථ ග්‍රන්ථීයේ ශල්‍යකර්මයක් සදහා රෝහල් ගත කරනු ලැබීය.

1988 අගෝස්තු 12 -
මැන්ඩෙලා නැවත රෝහල් ගත කළ අතර ඔහුට ක්ෂය රෝගය වැළදී ඇතැයි හදුනා ගනු ලැබීය.

1990 පෙබරවාහි 02 - අප්‍රිකා ජාතික කොංග්‍රසයේ තහනම ඉවත් කැරිණ.

1990 පෙබරවාරි 11 -
මැන්ඩෙලා නිදහස ලැබීය.

1993 දෙසැම්බර 10 -
නොබෙල් සාම ත්‍යාගය හිමි කර ගත්තේය.

1994 අප්‍රේල් 27 -
මැන්ඩෙලාගේ ජීවිතයේ පළමු වතාවට ඡන්දය ප්‍රකාශ කළේය.

1994 මැයි 10 -
නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකා ජනරජයේ පළමු කළු ජාතික ජනපති ලෙස තෝරා පත් කර ගැනීම.

1996 -
මැන්ඩෙලා දෙවැනි   බිරිය විනී මැන්ඩෙලාගෙන් දික්කසාද වීම.

1998 ජූලි 18 -
මැන්ඩෙලා සිය 80 වැනි උපන්දිනය දා ග්‍රාසා මාචෙල් සමග විවාහ විය.

1999 -
ජනාධිපතිධුරයෙන් ඉවත් වී නෙල්සන් මැන්ඩෙලා පදනම පිහිටවනු ලැබීය.

2001 -
මැන්ඩෙලාට පුරස්ථී පිළිකාවක් ඇතැයි හදුනා ගනි‚

2004 ජූනි 01 -
මැන්ඩෙලා සමාජ සේවයෙන් ඉවත් වන බව නිවේදනය කිරීම.

2005 -
මැන්ඩෙලාගේ වැඩිමහල් පුතු ඒඩ්ස් රෝගයෙන් මිය ගියගියේය.

2008 ජූලි 18 -
සමාජ සාධාරණය වෙනුවෙන් සටන් කරන ලෙස සිය 90 වැනි උපන් දිනය දා තරුණ සමාජයෙන් ඉල්ලා සිටියේය.

2011 ජනවාරි -  
පෙනහලූ පිළිකාවක් නිසා නැවත රෝහල් ගත කැරිණ.

2011 ජූනි -
මැන්ඩෙලා විසින් ලියනු ලැබූ පොතක් ප්‍රකාශයට පත් කිරීම.

2012 පෙබරවාරි 25 -
නැවත රෝහල් ගත කරනු ලැබූ අතර දිනකට පසු රෝහලෙන් පිට විය.

2012 දෙසැම්බර 08 -
නැවත රෝහල් ගත කැරි‚. දින 18ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලැබීය.

2013 ජූනි 08 -
රෝහල් ගත කරනු ලබීය.

2013 ජූලි 18 -
රෝහලේ දී සිය 95 වැනි උපන් දිනය සැමරීය.

2013 සැප්තැම්බර 01 -
මාස තුනකට පමණ පසු රෝහලෙන් පිට විය.

2013 දෙසැම්බර 05 -
මැන්ඩෙලා අභාවප්‍රාප්ත විය.

 

 

 

 



අදහස් (0)

නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිතයේ වැදගත් සිදුවීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site