IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නෝලිම්ට් ගින්නට හේතුව තව දින කිහිපයකින්

පානදුර නෝලිම්ට් සුපිරි රෙදිපිළි සාප්පුවේ ගින්නට හේතුව දැන ගැනීමට තවත් දින කිහිපයක් ගත වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

රජයේනි යෝජ්‍ය රස පරීක්ෂක ඒ . වැලිඅංග මහතා ඇතුළු රස පරීක්ෂක නිලධරයෝ තිදෙනෙක් අද (23) එහි ගොස් මුළු දවසම පරීක්ෂණ කළහ.

වැඩිපුර පරීක්ෂණ සඳහා අළු හා තවත් සාම්පල ලබාගෙන ඇතැයි ද  විද්‍යාගාර පරීක්ෂණයක් කිරීමට නියමිත යැයි ද ඔහු පවසයි.

පසුගිය සෙනසුරාදා (21)  අලුයම ඇති වු ගින්නකින් මේ රෙදි පිළි සාප්පුව ගිනිගෙන විනාශ විය.



අදහස් (0)

නෝලිම්ට් ගින්නට හේතුව තව දින කිහිපයකින්

ඉන්දික Tuesday, 24 June 2014 10:04 AM

නො ලිමිට් එක එදා හවසත් සුල වශයෙන් නැවත ගිනි අරන් තියෙනවා. එකෙන් පැහැදිලි වෙන්නේ එහි ඇතුලත විදුලි කාන්දුවක් තිබෙන බවයි. සමහර විට හිතාමතා කල දෙයක් වෙන්නත් පුළුවන්. (ස)

:       0       0

ද.ස. Monday, 23 June 2014 10:41 PM

සාප්පුව විසින්ම සාප්පුවට ගිනි තියාගන්නා ලදී. (මුදී)

:       0       0

සිරිපාල Tuesday, 24 June 2014 11:12 AM

මොන පරීක්ෂණය කලත් කමක් නැ, මහජනතාවට සත්‍ය හෙළිදරව් කිරීම බලධාරීන්ගේ වගකීමයි ඉන් මහජනයා ගේ සිත් තුල පවතින කතුහලයන්, අවිනිශ්චිත බාවයන් දුරුකළ හැක. මොන ජාතිය, ආගම උවත් අපි රටේ ඉපද මැරෙන ශ්‍රී ලාන්කිකයෝය.(දී)

:       0       0

ෆෛරූස් Monday, 23 June 2014 11:05 PM

ප්‍රතිඵල කියන්න තව කොච්චර කල් යයිද? (නි)

:       0       0

පියසේන Monday, 23 June 2014 11:38 PM

තව දවස් කිහිපයකින් දැනගන්න පුලුවන්නේ (නි)

:       0       0

පෙරේරා Monday, 23 June 2014 11:59 PM

රටේ නීතියේ ආධිපත්‍යය පිරිහිලා නිසා මිනිසුන් අපරාධ කරන්න බය නැහැ (නි)

:       0       0

රියාස් Tuesday, 24 June 2014 12:32 PM

අවසන් තීරනය - ගිණිගැනීමට හේතුව ගින්දර වේ. (ස)

:       0       0

සීවලී Tuesday, 24 June 2014 12:00 AM

මේ ගින්නෙන් තවත් ගිනි ඇති නොවේවා! (නි)

:       0       0

අචී Tuesday, 24 June 2014 12:42 PM

මොනවා උනත් මේ ශ්‍රී ලාංකිකයෙකුගේ දේපල විනාශවීමක්. අපේ කණගාටුව. (නදී)

:       0       0

නන්දසිරි Monday, 23 June 2014 05:55 PM

මේ දවස් වල අහන්න දකින්න ලැබෙන දේවල් බොහොම ‍නරකයි (නි)

:       0       0

හසිත් Tuesday, 24 June 2014 01:48 AM

මොකද මෙච්චර ප්‍රමාද? (නි)

:       0       0

විදුර‍ Monday, 23 June 2014 06:06 PM

අපරාදේ රෙදි සාප්පුව! කොච්චර හොඳට තිබුණද? (නි)

:       0       0

ලක්ෂපාන Tuesday, 24 June 2014 01:28 PM

ඉන්දික කියන කතාව ඇත්ත නම් ගින්න තිබ්බේ බල සේනාව නම් බලසේනාවේ අය ''නෝ-ලිමිට්'' ආයතනයේත් වැඩකරනවාද? පිළිගන්න බැහැ නේද? (නදී)

:       0       0

චමින්ද Tuesday, 24 June 2014 02:04 PM

මේ ගොල්ලෝ සාධාරණව වෙළදාම් කරන අයද....? නොලිමිට් එක වෙන නමකින් කලින් තිබුණේ. තරුණ පරපුර නැති කරන බඩු වගයක් ගෙනල්ලා මේ ගොල්ලෝ අහුවුනා. ඒක මුළු රටම දන්නවා. ඊට පස්සේ තමයි නම වෙනස් කලේ. මේ ගොල්ලෝ හොධ ජිල්මාට් කාරයෝ. (ස)

:       0       0

එරංග Tuesday, 24 June 2014 03:59 AM

බලමුකෝ මොකද කියන්නේ කියලා (නි)

:       0       0

ජමාල් Monday, 23 June 2014 06:47 PM

බලමුකෝ මොනවද කියන්නෙ කියලා (නි)

:       0       0

තාමර Tuesday, 24 June 2014 02:26 PM

තවම කිරිල්ලී කුරුල්ලගෙන් උපදෙස් ගන්නවා ඇති..කීයක් ඔට්ටුද ඕක ගිනි තැබීමක් නෙවෙයි,,සෙල්ලම් පිස්තෝලයකින් උන සෙල්ලම් ගින්නත් වෙන්නත් පුළුවන්. (ස)

:       0       0

විදානපතිරණ Monday, 23 June 2014 06:54 PM

ප්‍රතිඵල ඉක්මණින් දැනගන්න පුලුවන් වුණොත් හොඳයි (නි)

:       0       0

ගමගේ Monday, 23 June 2014 07:38 PM

අපිත් ඒක දැනගන්නා තුරු නොයිවසිල්ලෙන් බලා ඉන්නවා (නි)

:       0       0

රම්සි Monday, 23 June 2014 08:05 PM

මොනවා සොයාගත්තත් කෝටි ගාණක පාඩුවක් වෙලා අවසානයි (නි)

:       0       0

මලීකා Monday, 23 June 2014 09:28 PM

මේකට කවුරුන් සම්බන්ධ ඇද්ද? (නි)

:       0       0

චානක Tuesday, 24 June 2014 09:39 AM

රස පරීක්ෂක වාර්තාව ඉක්මන් වෙන තරමට හොදයි (දී)

:       0       0

සත්‍යයා Monday, 23 June 2014 10:02 PM

ස්ථානය නෝලිමිට් හින්ද පරීක්ෂණ කාල පරාසයත් නෝලිමිට් කර ගත්තොත් නේද හොඳ?(මුදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 423 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site